ආදරියේ | Adariye by Nadeemal Perera ft. Pasan Liyanage [2021]

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage [2019]

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා

නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා

සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා