ඔබද මාගේ | Obada Mage by Nisala Kavinda [2019]

ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ…. ඔබද මාගේ…..

අද මාවත් නෑ සිනාසී – සිත නාවේ ඇයි මුලාවී
මැකෙනා ඔබෙ රුව දිහා – බලාන මා
දැනෙනා හීතලේ ආ – මේ පවනාත් මාව රිදවා
මේ රෑ හීන නාවේ ඇයි නවාතැන් ගන්න මාගේ
ළංවී ඉන්නෙ නෑනේ මිහිරාවී නුබ කොහේ

ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ…. ඔබද මාගේ…..

ඈතින් ඈතින් නිවෙනා තරු ගානේ
මෑතින් මුසුවී ඔබේ ගී සිනාවෙන්
මැවුනා හාද වූ තැන්
හද බිදුනා මාව රිදවා

ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ…. ඔබද මාගේ…..

සීමා | Seema by Nisala Kavinda [2019]

සිහිනේ මා සගවාලන්න
අදුරේ මා සගවාලන්න
ඔබගේ නුවන් මා සනසනදා සිනාවී…..
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…..
ඔයා නැති යාමේ
ආලේ කියා දෙනවා තුරුලේ නිදන් සැමදා
දිවියේ පුරා මා ලග රැදුනා
කියූගී……. ප්‍රියාවී…..
දැවෙනා හදේ නිවෙනා සුසුම් වැයුනා
සැගවී තිබූ සිනහා ඔබේ දැකලා…
පිසදා කදුලැල් සෙනෙහෙන්
සිප ගන්නම් ආදරයෙන්
සසරේ හුරුවට හැගුමන් මුසුවූ නිසා…
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…..
ඔයා නැති යාමේ
ආලේ කියා දෙනවා තුරුලේ නිදන් සැමදා
දිවියේ පුරා මා ලග රැදුනා
කියූගී…….ප්‍රියාවී…..
නොසිතූ දිනේ නොසිතූ ලෙසේ බැදුනා
පැතු ආදරේ අප හිත් පුරා පිරුනා….
පිසදා කදුලැල් සෙනෙහෙන්
සිප ගන්නම් ආදරයෙන්
සසරේ හුරුවට හැගුමන් මුසුවූ නිසා…
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…….