ගිනි කෙලී | Gini Keli by Oshen De Mel ft. Ravi Jay & DADDY [2021]

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ

ඇගිලි තුඩු අතරේ
තොල්පෙති හිරි වැටුනේ
කුලුනු සිරසින් පවා
අපේරෝසර්න් වැගිරේ

අද ගිනි කෙලි අතරේ
පෙරහැර නුබ ගේ
කස කරුවා මමයි
පෙරහැර තව තිබුනේ

කෙල්ලෙ මට ඔයා කිව්වෙ ඔයා සිංගල්
හැබැයි හැමවෙලේම ඔයාගෙ බිසි නම්බර්
මං බැට් කලේ ඔයාගෙ බෝලෙට
හොදහැටි දැනගෙන මේ පිතිකරැවට නෑ අං

යං අතින් අත යං කෙල්ලෙ වටේ යං
මං ඉන්නං නොදැක්කා වගේ මට එනකං
ඔයාගෙ බොරැ ඒවා මරෑ
අහගෙන ඉන්නං මං රෑ එලිවෙනකං වෙලා ඔයාගෙ අත දරැවා
ඇදි වතෙ නෑනෙ විලී වටේම සැලකිලි
වෙලා නුඹව සමාජෙ ඇසට සැනකෙලී
එන කෙනෙක් ඒවිද නුඹ වෙතට
ඉන්න හැමදාම අහගෙන ඉන්න හිතෙ දුක
මේක රගපෑමක් අපි අපේම හිත් රවටං
හෙව්වෙ ආලය නෙමේ ඔයා රාගය
මං බැට් කලා ඇති වගේ දැවී ගියා
එන්න පිතිකරැ ඊලග

ආදරය මගේ
රාගයයි නුඹගේ
නිස්සාර කදු මුදුන්
නුඹ තෙත් බිමක් කලේ
අසනි වැස්සෙන් නුඹගේ
මගේ ගත කිති කැවුනේ
අද නුබ කොහෙදෝ මං
යලි නියගයයි මගේ

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ