සයුරු මායිම | Sayuru Mayima by Dinusha Jayasinghe ft. Tharindu Damsara [2019]

තරු පවා නිහඬවන රෑ අමාවක
ආ ගිය කතන්දර අසා වේදනාවක
සුලඟක් ⁣විසින් අත්හැරුණ සුවඳ ලෙස
සෙමෙන් මුමුණමී මට ම නොවී අවනත
නුඹ ගැන

හැඟුම් අඬපන ප්‍රේමයක් ලඟ
මුදු හිනාවක් අගම වෙන්වුන
සොඳුරි ය නුඹ හිඳින්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන
මේ වගේ

අර්ථ ගිළිහුණ හීනයක් නුඹ
නොහිතනා මොහොතකදි හමුවන
සොඳුරිය නුඹ නොදන්නෙද
සයුරු මායිම හාදු තැවරුව මුත්
වළා ඇත හිරුට සමුදෙන
නුඹ වගේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here