හීන කතන්දර | Heen Kathandara by Sanka Dineth

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ඇත්තයි මල් පරවෙනවා
තරුකැට කඩා වෙනවා
සරණයි කඳුළු වැටෙනවා
තුරු හිස මත ආයෙ පිපෙනවා
මං ඔය හිත සුවඳ කරනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

පුදුමයි තරු ඇහැරෙනවා
අහස ම එළිය කරනවා
විරලයි ඇස් දන් දෙනවා
ඔය ඇස මට පාර කියනවා
මම මඟෙ හිත ඔයාට දෙනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

අම්මලාගේ | Ammalage Hitha Hadanna by Chamara Weerasinghe

අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ


හැඩ රුව හා සම්පත් ඇති
කී දෙනෙක්ව මං දුවුටද
හිත රැවටෙන් නෑ
ඔබ වාගේ තවත් කෙනෙක්
ආත්මේටම හමුවන්නේ නෑ
එහි සැකයක් නෑ


අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ

ඔහු අතගෙන ඔබ යද්දි
හිත රිදෙනවා සත්තකින්ම
ඔබ නම් දන් නෑ
මනාලියො තව හොයනවා
අම්මා නම් අකමැත්තක් නෑ
මට හරි යන් නෑ

අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ