සඳ පිණි දිය | Sanda Pini Diya by Theekshana Anuradha [2021]

සඳ පිණි දිය වෑහෙන රෑ
සිත් අහසට සිහින ලියා
පා කෙරුවා මේ ආදරේ ආරාධනා
නෙතු බැල්මක සැඟවුනු දා
මගෙ හිත හොරකම් කරලා
සුසුමන් දිගේ දඟකම් කලා
සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා
දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා

ඔය උණුහුමින් මිදිලා දුර යන්නෙ නෑ හැරිලා
සීමා දැහැන් බිඳලා නුඹේ ලඟ මා සදා රැඳුනා
හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ

ලඟ ඉන්න හැම වාරේ සතුට විතරයි ඕනේ
නිම්නාද දේ පපුවේ සරා සිහිනේ නිරන්තරයේ
හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ

සඳ පිණි දිය වෑහෙන රෑ
සිත් අහසට සිහින ලියා
පා කෙරුවා මේ ආදරේ ආරාධනා
නෙතු බැල්මක සැඟවුනු දා
මගෙ හිත හොරකම් කරලා
සුසුමන් දිගේ දඟකම් කලා
සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා
දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා

මිරිඟුවක්ද මංදා | Miriguwak Da Manda by Theekshana Anuradha [2020]

ඔබ මිරිගුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කාට හිමිද මංදා
මන් ප්‍රමාදයිද මංදා
තාම කුලුදුල් මේ සෙනෙහේ
ඔබට භාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ
ලැගුම් ගන්නම් ජීවිතේ

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා
මිරිගුවක්ද මංදා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

සඳ රේණු ගලන | Sanda Renu Galana by Theekshana Anuradha

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

අද සීත සුලඟ
මදහාස නගන විට
හිත කෝල උනිද මෙතරම්
ඒ දැනුම හැඟුම නොදනිම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්

ඔය වාසනාව
නෙතු දෑල දුලන ඒ
හිත කීරි ගැහෙන හැටිනම්
ඒ හැඟුම කෙලෙස පවසම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳන් ඇවිදින්
මගේ පාලු හිතට
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්