in Sathish Perera, Uncategorized

මී පැණි දී රිදී ගන්ට | Mee Pani Dee Ridi Ganta by Sathish Perera

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply