in Nathasha Perera

ආරාධනා | Aradhana by Nathasha Perera [2018]

ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදි මා
මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා …..

තරහා වෙලා කල චෝදනා
රිදුනත් සිතින් ඉවසුවා
වරුවක් පුරා හැඬුවත් මෙමා
ආයෙත් ඉතින් සැනසුවා
යලි සිහි උනා දෑසම තෙමා
එනවාද යලි මා සොයා …

වෙන්වී ගියා හඬවා ඔයා
අපෙ සිහින අඳුරේ දමා
මතකයි අදත් නුඹ හිනැහුනා
මගෙ ලොවම නුඹයි සදා
දෛවය අපේ
හිත් වෙන්කලා
මට දෙන්න සොඳුරේ සමා

ආරාධනා සුරතේ තියා
මා නොකියාම පිටවී ගියා
හෙට දිනයේදී මා මනමාලිය වෙලා
යනවා හිතේ දුක දරා

banner

Leave a Reply