පෙම් කුමරා | Pem Kumara by Ashanthi de Alwis ft. Randhir

හිත ගාවම ඇලවී ඉදලා
ඔබ ගාවම දැවටී සිටියා
පෙම පූදින දෙනෙතේ
ගලනා මල් කැල්මේ
වෙන කාටද ලැබිලා තිබුනා

මා දැක්කත් හිනැහීලා
ඈ එක්කන් නැවතීලා
තව කෙල්ලන් රවටාලා
ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා
ඔය බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා
මා රොන් තවරා

බර සාරෙට පපුවේ පිපුනා රත්තරනේ
ගග ගාවදි කදුළු සැලුවා
දගකාරෙට පපුවේ එතුනා
ඔය තුරුලේ
හිත වාවනු බැරි දේ සිතුනා

මා දැක්කත් හිනැහීලා
ඈ එක්කන් නැවතීලා
තව කෙල්ලන් රවටාලා
ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා
ඔය බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා
මා රොන් තවරා

2020 LPL ගීතය | 2020 LPL Song by B&S ft. Randhir & DK

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා

එක්ව ජයගමු
ලොවම ජයගමු

It’s the battle of the champions
It’s the joy of the nation
It’s a celebration
It’s a revolution
You can feel it everywhere

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඩ නංවා

Win it together
Clap it together
Rise it together
Go in forever
Every match is a moment
we bring together

Lanka Premier League 2020
Win together

ඇඟිළි සළකුණ | Agili Salakuna by Manasick & Minol Witharana ft. Randhir Witana | Naraa Sandeshaya [2020]

සිංහල රැප්,
උඹලා කියන තරම් භක්තිකද
සාදුකාරය පට්ට වාසි ගහපු උන්ගේ අත් ටිකට
මොළ කෑවා වසර දහයක් මාංශ භක්ෂිකම
කන්න තිබ්බ යසට පයින් ගහලා මම බත් ටිකට
හැඳුනේ ටී එම් හා සෝමසිරි මැදගෙදර
ටු පක් බීගී සීඩී අපේ අහලකවත් නෑ ගෙදර
දැන් උන් කියයි බ්‍රෝ මම රැප් කරේ සෙල්ලං ගෙදර
මුන්‍ට නොමිලේ සිංහල අය පන්නන්
කන්නන්ගරට


කිළිටි ගේ මුලේ චේ ගුවේරා භාවනා
බේකරියට ගත්තෙ නෑ
කිව්වා කියලා රාවණා
ක්‍රමය අන්ධ භක්තිකයි
අපිට නෑ විස්වාස කියල
මාක්ස්වාදි පොත් කියෝලා පලයව් විශ්‍රාම

උඹට බණ රැප්වල
සෑහෙන මිත්‍යාව
උඹ කන දේ දිරවන විදියට නම් විද්‍යාව
දැන් සෑහෙන ඌනතා පැතිරලා අද පෝලියෝව
ප්‍රවෘත්ති වලට කිව්වේ වැරදි කර වූ කෝකියෝ
දුම වස විස ගහන එක කෝටිගනනින්
ගෝලයෝ ද
අත් පොලොසන් දෙන අන්තර් යූ ටියුබය
ලෝලියෝ ද
ඕන සැපේ ඉන්නේ ඕනේ නෑ කියද්දි
රසවින්ද උන් එකෙක් කන්න ගැහුවේ නෑ
ස්මෝකියෝට

රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්
සුරුට්ටුවක් නොගහා බෝනා ආවේ එදා
සෙරෙප්පුවෙන්
රැප් කලොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවෙ
උන්ට ඕන බොලා බලා ගන්න ඒ මුඩුක්කුවේ
දෙයක් මතක නැති කරන්න අහපං දුමියාගේන්
රස්තියාදු වෙන්න ඕන විදිය අහපං ෆුලියාගේන්
මාර ෆන් අහපං දාලා ගියපු කලුවාගේන්
වටිනාකම් අහපං අපෙන් ඇයි අහන්නේ
යුකියාගේන්

උසම තැනක අපිට ඉන්න දීප පාඩුවේ
වළාකුලක් අඩිය තිබ්බොත් නිදහසක් දියාරුවෙන්
ෆොටෝ කොපිය ගහලා බොල ටා යාලුවේ
උඹේ මොළය කොලාජ් කරලා ගහන්නේ වටම
රාමුවෙ
විප්ලවෙ පෑනක් මාධ්‍යවේපී එදාවත්
සෞන්දාර්‍යය ගහපන් හෝලී කරලා මුන්ට
මෙගාබ්ලාස්ට්
ගීතාන්‍ය කපුගේ එරෙහි වෙද්දී කම්පනේකින්
නන්දා මාලිනී එළි කලා සත්‍යය ගීතයකින්
සමාජ විද්‍යා ඉගෙන ගත්තද විද්‍යා පීඨයකින්
මම සැපේ ගොසී ඉන්නේ


උඹලා බෝ වුනේ සෙල්ෆී කීටයකින්
හුදෙක් රසවින්දා බින්දා රින්ග්ටොන් ගීතයකින්
මිලියන මිනුම් දඬු ට්‍රෙන්ඩින් වසර කීපයකින්
අහනවනම් අහපන් නැත්නම් සෑහියන්
විනාඩි දෙක තුනෙන්
බටහිර යන්න සිංදු පන්නන්න එපා කලපුවෙන්
කර්මාන්තේ වද දී මැරුව හැටි පරපුරෙන්
රූපවාහිනී දාං බලපල්ලා ඇඟිලි සළකුනෙන්

මදි නොවනා සිත මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන් තලේ නොපෙනී…
දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා
විඩා බර දෑස හැඟුම් පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

පද්ධතිය කොට ගවුමක්
උස්සන එක උඹේ අවුලක්
ප්‍රශ්නයක් ඇහුවද කවුරුවත්
නෑ මචං නෑ බස්තම විසි කරන්න පුලුවන්
නහය මට්ටමට මට ඕන කඩන්න
උඹේ නාස්පොලු
හැබැයි කෑ ගහන්න බෑ
අපි වෙනස ගෑවෙන ගෑවෙන තැන ගෑවද තීන්ත
නැති පෑනක ලිව්වෙ නැති දේවල් සෑහෙන තරම්
ඇඳපු අම්මගේ ච්ත්‍ර වෙන්දේසියට දැන්
දෑ…මොත් තමයි මම
කොස් කොළ ඔටුන්නෙන් පත්තෑයෙක්
උඹේ දෑතින් අරන් සංගීතේ පරතෙර
බින්දා භේද පව පින


හින්දා පෙර අවදියක්
ලිව්ව රසින් කරදිය මං හෙව්වා පරතිය
ගොඩක් එවුන් ආවත් ගි‍යත්
උඹේ පස්සෙ ආපු උන්ටත්
කාපට් පාරක් දාල දියන්
ඒකට උඹලා කලේ රිව්වා වටේම දාර රියන්
භාර සිප්පාවේ මේ ලිවුම ලිව්වා රාජකාරී දියන්
දෙවියට දුන්න භාරේ වින්දා
කාලේ වින්දා හින්දා මල්ලි
වතුගම කිව්වත් ආය රිව්වත්
හෙන අතටම මගේ මනස කොඳුරා යයිද
සරිගම පදත් හිරිකිතක් වෙලා
මතක් කරගෙන කපුගේගෙ පැලේ
මඳින්නද ඔටුන්න, හඳින්නද ඔටුන්න,

මම රැප් ගායක දෙසවන් බලන්
විරසක විඩාබර පිරි අලි
තොපි නාවන නාවන සැනින්
වැටිලා මගේ ඔටුන්න
ගැලවෙන මැණික් පෑගෙන උන්
නෑ හිලුවොත් හොරුන්ද
කෑවද නෑවද සමාජයම
එකතුවෙලා බනින අනාගතේ
වැදුවෙ වෙන මොකුන්ද
අපි කැතට පේන හැටි
කැඩපතේ රැව්වේ වෙන මොකුන්ද
අහනවනම් අහපන්
නැත්නම් හුකහන් සර්
උඹලගේ නාස් පොලු කඩපු මටද
කිවිසුමත් පුරුද්ද…
කිවිසුමත් පුරුද්ද…

ඉඳා තියාගනින් ඔටුන්න
මම රැප් ගායක මිනෝල්
වස්නාහිර උඹලගේ හදවතින්ම,

මදි නොවනා සිත මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන් තලේ නොපෙනී…
දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා
විඩා බර දෑස හැඟුම් පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

එදත් අපි කියූ ඒ…
අදත් ඒ අගේ ඒ…
එදත් අපි කියූ…
එදත් අපි කියූ…
එදත් අපි කියූ ඒ..
අදත් ඒ අගේ ඒ..
එදත් අපි කියූ…
එදත් අපි කියූ…

ලස්සන දෑසක් | Lassan Desak by Bathiya & Santhush ft. Umaria, Randhir

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා
මේ දෑත නොදී කොහොමද මන්දා

අද වගේ දවසක අපි දෙන්නා
යළි හමුවන බව දැන උන්නා
රන් කෙන්දෙන් අතැඟිලි බන්දා
අනිනත් ගෙන පා වෙමු දෙන්නා
මා පෙර සසරේ සිට දන්නා
කෙනෙකුට බහ දෙන්නට උන්නා
හරියට ආදරේ ගැන දන්නා
නුඹද මගේ ළඟ ඉන්න

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව
නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා
මේ දෑත නොදී කොහොමද මන්දා

මගේ ජිවිතයම පිළිගන්න (පිළිගන්නා)
මට සුදුසුම හද ඔබ හින්දා (ඔබ හින්දා)
මාල හතක් ගෙල වට බන්දා
ඉවසමි ඔබ යන තූරු කැන්දා
තුරුලේ නැළවෙන විට දෙන්නා
ලොකෙම අමතක වෙන හින්දා
මේ පෙම් හැඟුමන් කර පින්නා
දිව්රමු අපි දෙන්නට දෙන්නා

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා

යෞවනේ | Yauwane by Randhir Witana x Manasick x Ken Lappen [2020]

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

හැරලන් සන්තාප දුකම පාග
මැඩලන් වාද
දමමු සාද
මේ ලෝකේ
යෝග රෝග
අපි දඩාවතේ
කෝක ඕක
අහං ග්‍රහපල
බලන් දහපොල
කල්පනා කර
යල් පැනකන්ම
දහමේ තියන
රහම යහම
පෙර කරපු පව් පිංම
අහන්න අහන්න
ඇහැ කොනිහං බැහැ නොකියං
ලැබුණු ජීවිතේ
ඇද නොකියං
ඔරොත්තු දියන්
ගොරකුන කියන්
දුවන්නේ මාරයත්
යකෙකු කියන්

සන්තෝස වෙන්න ඕනා
ඕනෙ ගමනක් යන්නට
ධනාත්මක අදහස්
අස්වෙයන් රස්සා නැතිනම්
හිත නිදහස්
යාළු ගොවියෙක්
උනොත් නැවියෙක්
වෙනවා නිසැකයි
කුඹුරත් පාලු
කැපුවොත් රුක
දළුලනවා
අහගෙන උනත් දෙමාපිය නඩු
යෞවනේ මිහිර විදිනා කාලේ
යමු හරිපාරේ
වරදින වැටෙනම ගානේ
දනිහෙන් ගනින්
පාඩම් සාරේ

සන්තාප සෝක හංගා
සන්තොස වෙන්න ඕනා
යෞවනේ වනේ මිහිර විදිනා කාලේ
ගී ගයන බඹරු වාගේ
මේ මල් වනේ පුරා
සොයලා යං යං
ආදරේ ලොවේ

පෙම් ගී රාවේ
නංවා ලංවී
හැන්දෑ යාමේ
යංකෝ පාවී
සිනා සිනා
කුසුම් වගේ
ලදුන් සොයා වසන්තයේ

ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී
ජීවිතේම වේදනාව
ඈත ඈත පාවී
ආදරයක මිහිරියාව
ඒවි සිතට යාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ගින්දර | GINDARA by Dhanith Sri ft. Randhir Witana [2020]

හීන ආකර
හදට කැන්දා
මගේ හදවත රැගෙන ගිය ඒ
ඇගේ හැඩයම
තියෙන රූබරියේ

මගේ මුවගට
වැටෙන බිදුවේ
හිතේ දුක් ගිනි දියව දියවේ
දුවන රුධිරේ
මධුවිතට පෙරලේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

දැවෙන ගින්දර
පපුව ඇතුලේ
නිවාගන්නට නුඹ රැඳෙන්නේ
මගේ අත
උඩ නුඹ රැගුම දෙන්නේ

දුන්න තාලෙට අඩිය තැබුවේ
මගේ වන්නමේ නමක් නැත්තේ
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

සියුමැලියේ | Siyumaliye by Randhir [2019]

සායම් ගෑ දෙතොල
මායම් ගිනියම් වී ආදරෙන්
අවුලන්නෙමී…

යන්තම්
ලය මඩල
යන්තම්
සීරුවට හාදුවෙන්
පුරවන්නෙමී…

සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අදුන
මං ආදරෙයි ලදේ…

ඔය තුරුලෙ කිමිදීලා
මල් සුවදේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

සීතයි
මට හරිම සීතයි
උණුහුමට කෝල ඇයි
මිහිරාවියේ…

ඇස් පියන් දේදුන්න
වාගේ සිපගන්න
හිත කියයි
ලංවී ඔහේ…

සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අදුන
මං ආදරෙයි ලදේ…
ඔය තුරුලේ කිමිදීලා
මල් සුවදේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

Download the audio from here