හීන මතේ | Heena mathe by Ravi Jay ft. Costa & iClown [2020]

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා
නිදි යහනෙ මම සිතමින් සිටි දේ
දැන් මට අමතක වීලා
යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට
දැක්ක හීනෙ මම අස්සට
පියවි ලෝකෙ එපාවි
මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල

මතෙන් මතෙන් මේ නිදිමතෙනං නෙමේ
මගෙ හිත මතෙන්නේ ඇද මතනං නෙමේ
හීන මතෙම පාවේ, මතින් මත යාවේ
මත හඩනු පෙනේ , මතෙ හඩ නෑසෙ දැං
අවදි කරන්න එපා කවුරැත්
ඉන්න දෙන්න මට මේ හීනෙන් එන්න බෑ
එලිය අවුල්ලූ ඒ අවුල් වූ
ඇස් ඇර දකිනා පේනා දේ
දෑසට වේදනාව ගෙන දේ
ඇස් ඇර ඉන්න වෙලේ මං යේ
වටෙ මත හොයාගෙන මං දිව්වෙ යේ
සතුටින් මගෙ වටේ මිතුරො සමගියෙන්
බෙදාවි සුවද දුම අතිනත සාදරෙන් හීන බෙදාගමිනේ
ඒ සුවද දුම මතින් ලොවම හිනැහෙන්නේ
මොණරැ ඉගිලෙන්නේ ජීවිත පාවෙන්නේ
මුතු ඇට පැල වෙලා වෙලා පාරාදීසේ
දෑසට පේනා දේ ආයේ ඕනේ නෑ
මං ඉන්නෙ වේදීකාවේ බෙල්ලෙං එල්ලා නෑ
සර්පයො මා වට නෑ
හැබැ වෙන්න ආස දේවල් හිතිං දැකගන්නට මං
හැබැහින් මත් වී නින්දට දිව්වා හාාාා…..

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා
නිදි යහනෙ මම සිතමින් සිටි දේ
දැන් මට අමතක වීලා
යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට
දැක්ක හීනෙ මම අස්සට
පියවි ලෝකෙ එපාවි
මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල

written by Ravi Jay

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

දුර ආකාහේ (Live) | Dura Akahe (Live) by Charitha Attalage ft. Ravi Jay from Kuweni Live in Concert [2020]

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ…
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම

දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්…
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය – නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්…
අපෙ හිත් ගැලපුනෙ නැතේ…හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර

මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

මේ මහපොළව
පලා යන්න මට දුක දැනෙයි
මේ මහපොළව
පලා යන්න මට දුක දැනෙයි
මේ මහපොළව
මේ හඳපාන තරු රෑන
මේ හඳපාන තරු රෑන

ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මේ වංක රටාවේ | Me Wanka Ratawe by Ravi Jay ft. iClown from The Knight Out [2020]

මේ වංක රටාවේ
හිත් යයි ඒ මුලාවේ
බහිරවයෝ මුලාවෙ
එන අදුර මැදින් මං
වෙන ඕන දෙයක් දැන්
වෙන්න කියාගන්න
බිත්ති කඩං ගැලවීම හොයං මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං


සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක්

හිත ඇතුලෙම ගිනිගත් දේ
හිත ඇතුලෙම නිවියන්
නොදැනිම මේ සමාජයෙන්
කරා අපිව තරග කරුවන්

මට හරි කියා හිතෙනා දේ
නුඹට වැරදි වෙන්න පුළුවන්

මේ කළු සිදු අන්තරේ
අපි කැරකෙන්නෙ යින්ග් යැන්ග්

ජීවිත ගමන ක්‍රීඩාව වගේ චෙස්
කපා රජ වෙන්න බලයි තවකෙක්
හිත ඇතුලේ එකෙක්
එලියට තව එකෙක්
බොරු ඇත්ත හොයන්න බෑ දෙන ටෝකෙන්

සුදුවට ඇති හිතේ
කළුවට මඩ පැල්ලම්
කළුවට ඇති හිතෙ
සුදුවට ඇත පැල්ලම්
පාට පාට පේන දේ
එතකොට මලකෝලම
හිත අපේ රවටන්නේ
තන්හා රති රාගවේ

තරගේ වැඩි වෙද්දී
හිතන විදි සූක්ශ්‍යම වේ
සූක්ශ්‍යම වෙද්දී බාහිර බලපෑම වැඩි වෙයි
බලපෑම වැඩි වෙද්දී තරගේ සංකීර්ණ වෙයි
ප්‍රතිපලේ අනුලෝම සමානුපාත නොවෙයි

හිත ඇතුලෙම දැවි දැවී මිරිකෙමින්
සිතුවිලි තරග වදී එකිනෙක රජ වෙන්න
නුඹ නොවන දුර දකින මනසට
අන්ධ වෙන්න අපි කෙටවී ඇත්

මේ වංක රටාවේ
හිත් යයි ඒ මුලාවේ
බහිරවයෝ මුලාවෙ
එන අදුර මැදින් මං
වෙන ඕන දෙයක් දැන්
වෙන්න කියාගන්න
බිත්ති කඩං ගැලවීම හොයං මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න


බිත්ති කඩං මං සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් වදින විරුවෙක් මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක්
දැන් වෙන්න කියාගන්න
බිත්ති කඩං මං සටන් වදින විරුවෙක්

මේ වංක රටාවේ

අපිට සොරි | Apita Sorry by Ravi Jay [2014]

ඇස් වහගෙන හිටිය ඇති බොල බලපන් වටපිටාව හොඳට අපි නැත අපිට හෙටක් නැතිද සරු ?
බොරුවට එක ජීවත් උනා ඇති
පුන්නක්කු බිව්වත් දැන් ඇති
කාලේට වාරෙට පාරට බසින තාප්ප අංක කතිර
NO සිදුරු කලු වීදුරු ඇතුලේ උන්ගේ ලෝකේ අපි නොදැකපු
අපිම විඳව ගින්දර..ගින්දර.. එදාවේල හම්බකර කන දුප්පතාගේ බඩට මනාප හොරු ඔක්කොම පොරකති..

එන්න අම්මේ තාත්තේ එන්න අපිට කතිරෙ දෙන්න..
දුන්නට පස්සේ ඔන්න අපි නෑ පළාතේ හොයා ගන්න..
රණවිරුවනට පින් සිද්ද වෙන්න පෙරකළ පිනකට..
අපි තාමත් මේ පොළොවේ සංසාරේ මහපාරේ කහපාරේ..
කෝ මල්ලි ඔබ ඔය කට්ට කාල ගත්ත ඩිග්‍රී..?
ඩිග්‍රී නෑනේ රේස් පදින්න ගත්තා ලැම්බෝගිනී..
එකම වේදිකාවේ එකම හීනෙට උන් රණ්ඩු
උන්ගේම බඩු උන්ගෙම කූඩු සාමාන්‍ය වැසියන්ට නඩු..

කෝ උස්සපු කඩුව..? ඒක නෑනේ ගෙදර .. ඇත තවමත් අතන මේතන පාරේ ඉවර නොකර මගට එනව පෙළට
මනාපේ ගන්නට වැඳගෙන පිළිවෙලටකට මෙන්න අපේ අක්කට පරීප්පු , හාල් ….
මැද්දෙ චිකන් මීට් බෝල්ස් එක්ක ඇත්තො කාති බෝති නටති වෙනම කෝටි ගනනක පාටි දමති, පගාව දූෂණ වංචා එක්ක හොරට ගාඩ්ලා යති..

දියුණු වෙන්න දාපු මනාපේ අපිට සොරි ඇත..
ඇත්ත කිව්වේ හිතේ දුකට සුදු වෑන් එකට රෙඩි මම….!

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ආඩම්බරකාරී | Adambarakari by Roshan Fernando ft. Ravi Jay [2020]

එන්න මා හා විදින්න
ජීවිතේ රස වෙන්න
ඈත ලොවකට නෙතු පියාන සැනසෙන්න
මිහිමත දිව යන්න
තනිවෙන්න එහෙනම් ඔන්න
රොෂාන්

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී
සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

නෙතු කැලුම් වැදී මේ
හිත වැලපේවී
මුදු වදන් වලින් මා සනසනු කුමරී
හැගුමන් වශී කරන සද සාවී
ලැබුනොත් ජීවිතේම සරු වේවී
හිතවත්කමකට හිත දෙනවද හැඩකාරී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

තිබුනට නෙක තරු මා වට
ඇයි ද පුර සදෙන් මට ඔය ලස්සන
අල්ලනු බැරි ඈත නුබ දෙස බලා මම
විදිම පෙම් වඩ දිය උතුරා යන
දනිමි මට නොලැබෙන බව කිසි දින
මේ බවයේ නමුදු මම කරමි මගේ තනි ආලේ
නැත යන්න දෙන්නෙ වෙන හිතකට ආලේ
නොලැබුනත් ඔය
නුඹේ අහංකාරේට

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

තාරකා දූවිල්ලේ | Tharaka duwille by Dilum Thejana ft. Ravi Jay [2020]

සිහිනෙක පාවී හිස් අවකාශ මාවතේ
නෙත් මානයේම අවසානයක දොරගුලු ඇරේ
නොපෙනෙන සීත මන්දාරම් පොද හී සරේ
අලු වූ හීන දලුලා යලිත් අද මල් පිපී

දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ

මං මොකටද ආවේ
මං මේ මොනද කරන්නේ
මං මොනාද හෙව්වෙ
මං හොයන්නෙ හරි දේ
දැං මොකද්ද හරි දේ
දැං මොකද්ද වැරදි දේ
පෙන්නපං සොබා දහමේ
මධ්‍යස්ථ සාධකේ
නැත හුස්ම ගැන බලාපොරොත්තුව ඊලග තප්පරය
නැත බලාපොරොත්තුව එමනිසා මා වටේ දැවටෙන කිසිවෙක් ගැන
නැත බලාපොරොත්තුව ඒ හින්දා අද නවතින්න මං යන ගමන
ඇත බලාපොරොත්තුව ඇත්ත දැකල මැරෙන්න
හදවත වම්පස බරවෙලා එන වේදනාව මනසට
කිව්වෙ යන්න රෙඩිවලා ඉන්න
හිත වැටෙනවා ඒ හැමවෙලාවෙම දෑස වසාගෙන
වැද කලුවරේ ගාථා එක්ක හෙව්වා මං
කෝ දෙවිවරැ ඕනෙ පිලිතුරැ
ඇත පැනගැටලු මං පැටලුනු අන්ධ කරැමෙක
මේ ජීවිත ගමන තනිකමට හුරැවෙලා අද
හොයනවා හරි Code එක මගෙ Code එක
ඉපදුනු දවසෙම කව්ද වැරැද්දුවෙ මගේ Code එක සමාජෙන්ද ගෙදරින්ද?
සැපට වාහන සල්ලි පැලෙන්න හෙව්වම හම්බවෙනවද දිනුම?‍
මරණින් පසුවද හමුවන්නෙ දිනුම?
දිනුවම හම්බවෙනවද මට ඇත්ත?
ඇත්ත වගෙනෙ දකින හීනෙදි මට ඇති ගැටලුව
මේ වර්තමානෙ ගෙවෙන්න හීනයක්ද?

පාටින් තිබුණ ජීවෙ නැගෙන හිත් දඩයමේ
හිස් ඇරඹුමක අවසානයක දොරගුලු ඇරේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ
දැවී නොදැවී තාරකා දූවිල්ලේ
මග සොයන තාරකාවන් හිස් අහසේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

රහත් හිමිවරුන් | Rahath Himiwarun by Dhyan ft. Ravi J x Charitha

රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

Rap:
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකාං
ඇත්ත හොයාගෙන යනවා
මිසිදෙටුවෙකු වෙයිද මං
මිසිදෙටුවෙකු නෙමෙ මං
ඇත්ත මට වැටහෙනකාං
ඇත්ත හොයාගෙන යමි ම⁣ං

බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවනෙ සැණෙකින්
සැප රථෙන් එකෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ … මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක
දුකෙ හේතුව අපිව ඉපදුන එක නේද?
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල
දුටිමි මස්කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පවක්නං
මරැවෙක් ඇයි නූලක් බැදං
ආරක්ෂා වෙන්න ඕනෙ ප්රාණේ ඒ මරැවගෙන් නේද?
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?
මේ මනසින් ගැලවෙන්න … මනසක්. හිතන්නයි ඕණ….

මං ගියා ජොබෙන් | Man Giya Joben by Ravi Jay ft. iClown [2020]

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

කට්ට ස්ථිරයි ..
ජොබ අස්ථිරයි ..
නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus !
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
අන්න ලොක්කාගේ කාමරෙ වෙලා Coordinator Naughty,
කෙරුවානම් තමන්ගෙ වැඩ, හෙව්වානම් තමන්ගෙ ඇද,
රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
බඩු මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ…
කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව
වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි…
Degree ලතැවේවි …
කෙල්ල දමා යාවී…
හීන නොපෙනේවි…
යාළුවො සෙට් වේවි…
මම නැති වේවි…
ගොට්ටො හිනැහේවි…
ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

යෝ ඩෙඟා නැටේ, අම්මෙ ඩෙඟා නැටේ!
අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ !

දුර ආකාහේ | Dura Akahe by Charitha Attalage ft. Ravi Jay [2019]

අප හමුවූයේ…
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම

දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්…
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය – නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්…
අපෙ හිත් ගැලපුනෙ නැතේ…හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර

මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ… දුර ආකාහේ… රෑ හැමදාම…

ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

හීන මකා / Heena Maka – Harshadewa ft. Ravi Jay – Charitha Attalage [2018]

[Harshadewa]

තැවෙනා ඒ

සිත නොදැනී වගේ…

වැටෙනා කදුලු

නොදැනී වගේ…

දැවෙනා ඒ දුක

නොදැනී වගේ…

 

මං ආවා…

 

ඒ සිත

සගවන් මෙසේ…

වැටෙනා කදුලු

සගවන් මෙසේ…

දැවෙනා ඒ…දුක

සගවන් මෙසේ…

 

මං ආ..වා…

 

හීන මකා…

හංගාලා…

මං ආවා…

 

රවටාලා…

මුමුනා සගවා…

 

මං ආවා….

 

හීන මකා…

හංගාලා…

මං ආවා…

 

ඒ…රවටාලා…

මුමුනා සගවා…

මං ආවා….

 

 

[Ravi Jay]

මා ගැන

හිතනා

මගෙ උණුහුම

හොයනා

නිදි යහනට වෙලා

මං එනකං

නොනිදා

මගෙ භාරියට හොරා…

ඇගෙ ලොවෙ තනි කරලා…

යටිහිත රවටලා…

උඩු හිත මං ආවා…

 

ඇත නිමකෙරුමට

මුදුනට ගොඩගැසි

බොරු

රාජකාරි

 

නුඹෙ ඇමතුම එද්දී

ආවරන කලාපෙන්

මං බැහැරව යාවී…

 

හැමදා කන රස ඇති වෙලා

පිටින් කමි සද

මං පමාවේවි…

 

ගත මගෙ ඇය මත

නුඹෙ හිතෙ මං ගැන

නොදනී

මං ද්‍රොහී…

 

කාමය ඇවිලෙන්නෙ

ආදරෙ මත

හදින් හද

එකවෙන තැන

 

ඒ හිත තැන තැන යනවනං

ආලෙයි කාමෙයි

එක වෙන්නෙ  කෙසේද ?

මට දෙකක් ඒ දෙක…

 

තාවකාලික හිතක

තාවකාලික කුමරා

වෙන එක වෙනම රසකි

 

උගුරට හොරා

බොන බෙහෙතක

දැනෙන සැප විදින එක

නුඹ නොදනී

වගෙ ඉන්න සද

මතුවට එන දින

යන්න වෙනකොට

මේ කයෙන් ගැලවිලා

වෙන්න බෑ

පසුතැවෙන්න බෑ

එදින බෑ

හිතෙන්න මා හිතට

මං වින්දෙ මොනවද

ජීවිතෙ අවසානෙට

 

නුඹ ඔතන

මං මෙතැන

විදිනවා ඈ එක්ක

මත රාගය

 

යටි හිත රවටලා

මං ආවා

උඩුහිත ඉල්ලන

අන් සැපට…

 

[Harshadewa]

තැවෙනා ඒ

සිත නොදැනී වගේ…

වැටෙනා කදුලු

නොදැනී වගේ…

 

දැවෙනා ඒ දුක

නොදැනී වගේ…

 

මං ආවා…

 

සගවන් මෙසේ…

වැටෙනා කදුලු

සගවන් මෙසේ…

දැවෙනා ඒ…දුක

සගවන් මෙසේ…

 

මං ආවා…

 

හීන මකා…

හංගාලා…

මං ආවා…

 

රවටාලා…

මුමුනා සගවා…

 

මං ආවා….

 

හීන මකා…

හංගාලා…

මං ආවා…

 

රවටාලා…

මුමුනා සගවා….

මං ආවා…

 

[Ravi Jay]

මා ගැන

හිතනා

මගෙ උණුහුම

හොයනා

නිදි යහනට වෙලා

මං එනකං

නොනිදා

මගෙ භාරියට හොරා…

ඇගෙ ලොවෙ තනි කරලා…

යටිහිත රවටලා…

උඩු හිත මං ආවා…

 

ඇත නිමකෙරුමට

මුදුනට ගොඩගැසි

බොරු

රාජකාරි

 

නුඹෙ ඇමතුම එද්දී

ආවරන කලාපෙන්

මං බැහැරව යාවී…

 

හැමදා කන රස ඇති වෙලා

පිටින් කමි සද

මං පමාවේවි…

 

ගත මගෙ ඇය මත

නුඹෙ හිතෙ මං ගැන

නොදනී

මං ද්‍රොහී…

 

Official Lyrics Video