මහමායා | Mahamaya by Supun Perera ft. Charitha Attalage (Reprise Version) [2019]

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..

කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
කුමාරයා හැරදා ගියා

මහාමායා…

රුදු සසර ගිනී – බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී – වැසි වසිනු වැනී..

අඩුවක් වුනාදෝ ජීවිතේ – ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ – හැරදා ගියේ ඇයි මාලිගේ..

සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..

මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…
මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…

 

ප්‍රාතිහාරී | Prathihari by Supun Perera [2019]

ප්‍රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරි මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මනආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

නේත්‍රා මානනා
සිත පාරා පෑසිනා
සීමා නෑ සිතා
ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා

සේයා රෑගෙනා
නිම නේනා කාරණා
ඡායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේමහීනේ සොබා ගේනා

 

Download the Official Audio from Here!!

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී