in Milin Rupasinghe

මේ තරම් නුඹ | Me Tharam Numba by Milin Rupasinghe

මේ තරම් නුඹ සුවද දැයි
නුඹ මලක් දැයි මට සිතෙයි ……
මේ තරම් නුඹ සුමුදු ඇයි
මල් වතක් දැයි මට සිතෙයි……..
මේ තරම් නුඹ සිසිල ඇයි
සඳ වතක් දැයි මට සිතෙයි ……..
මේ තරම් නුඹ මිහිරි ඇයි
නුඹ මගේම දැයි මට සිතෙයි….

දිය සරැළි වෙරළට හාදු දෙයි
මට වෙරළ වන්නට සිතෙයි

නිල ගඟුලට දිය ඇදෙයි
මට සයුර වන්නට සිතෙයි. ……..

සඳ එළිය කදු මත තොල් තියයි
මට කන්ද වන්නට හිතෙයි

මුළු ලොවම නුඹ මුව මත තබයි
නුඹ මගේම යැයි මට සිතෙයි. ……

banner

Leave a Reply