ලඳුනේ | Landune by Amarasiri Peiris

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ…ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

ඇය යන්න ගියා | Aya Yanna Giya by Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

මේ කිරුල | Me Kirula by Amarasiri Peiris ft. Umaria Sinhawansha [2021]

මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

ඉරි තැලුණු වළා | Iri Thalunu Wala by Amarasiri Peris

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටමින්

ඉරි තැලුණු වළා – උඩු
වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ
යමු යමු යමු අපි ඇවිද
යමු පේ්රමියේ