ඩැෆඩිල් මලේ | Daffodil Male by Dayan Witharana

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

දුර ඈත ගං තෙරේ
සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ
දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ
එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

විලෝතුරු මං පෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ
දෑස සැලුවේ
දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ
එවන් සැන්දෑ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

ඔබේ සුසුම් පවන් | Obe Susum Pawan by Dayan Witharana

ඔබේ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි

මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගේද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගේද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි…..
හෙට අමාවකද සැකයි

ඔබ හැගුම් බරව දොඩයි

ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි….
හෙට ගිමන් කලද සැකයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි….
උණුසුමට මාව තෙමෙයි