ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Dilki Uresha [2019]

හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඉර හඳ වගෙයි අපි
එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන් මා
වචනෙන් ලියා ආ…, ආ.

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
මතක භාවනාවක්
කඳුලු වේදනාවක්
ඔබදුන් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඔබේ ආදරේ ලඟ
විඩාපත් වෙලා මා
සුළඟ සේ ඔයා දුර
ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ
මගේ වේදනාවයි මේ
පවසන්නේ මා

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

සුවපත් නොවන රිදුමක් | Suwapath Nowana Ridumak by Dilki Uresha

පපුවෙන් උදුරාලා ගන්න
හුස්මත් මගේ ඔයා
මැරුනත් කමක් නෑ
ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ
හිමිවුනොත් මට ඔයා

සත්තයි රත්තරං
පණ උනත් දෙනවා මං

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

සුවපත් නොවන රිදුමක්
හදවතේ ඇති වෙලා
කදුලින් කදුල අමුනා
ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ
නිදන් වී තියෙනවා
මතකේ මතක නැතිවී
යන්නෑ කිසිම දා
ආදරෙයි මං ඔබට
මහ සයුරට වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

වචනෙන් වචනේ ගලපා
භාවනාවක් වගේ
කවියක් ලියනවා මං
වේදනාවට මගේ
අහසේ සදට හැකි නම් තනිව
ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ
තනිව නම් ඉපදුනේ
ආදරෙයි මං ඔබට
මහ සයුරටත් වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

written by Achala Solomons, Chamath Sangeet & Smokio

හුස්මක් තරමට | Husmak Tharamata by Dilki Uresha [2020]

ආදරය හරියට
සුළග වගේ
හදවත නිවන්න වගේ
හදවත දවල අළු කරන්නත්
ආදරයට පුළුවන්

ඇහිපිල්ලමක්
යට ඔබව තියලා
රැකගත්තේ මං
මගේ නේද කියලා

එක මොහොතකින්
මගේ හිතම හොල්ලා
ඈතටම ගියේ
ඇයි මාව දමලා
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

කවදත් වගේ
ඔබ භාවනාවක්
මට ඔබ තරම්
නෑ දැනුනේ කාවත්
ඇබ්බැහිවෙලා මම ඔබට තාමත්
ඔබ නැති හෙටක් මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

මුලු ලෝකයක්
පීරාලා සෙව්වත්
මේ මං තරම් ආදාය කවුරුත්
හමුවෙන්නෙ නෑ මේ අහස යට නම්
අපි ආදරෙන් එක් වෙමුද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

written by Nisal Fernando

සත්තයි මට ඔබ | Saththai Mata Oba Wage by Dilki Uresha

ආදරේ කියන්නෙ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන් ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ

සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුනේම නෑ නේ
අද මගෙ ලගින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක් නේ
ජීවිතේ නුඹ නමින් තනි වුනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තෙ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නෙ
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ

සුවදත් දැනේ
මට ඔබගේ පපුවේ
මගේ වෙදනා ඔබ දන්නෙ නෑ නේ
මැරුනත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුනා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ

written by Nisal Fernando