සත්‍යක් සොයා | Sathyak Soya by Minol Witharana | Naraa Sandeshaya [2020]

සත්‍යක් සොයා
දෑස පෙනෙන මානෙ
මා සායම් කලා පාට අරගෙන
දැක පැසැසුම් කලා මාව
හදවතින් ඒ තරුත් සැඟවිලා
මං පාට කලේ ඇහැට
වාද කලේ පෑන
තනි පාට වයිවාරණ
අංග චලන


එදා හඳට ලිව්වත් අද
ළඟට ගන්න බැරි පදිරි නෑලූ
කට කෙල නෑ කියාදෙන්න
ලියාදෙන්නම්
පොතකට පතකට අතකට
හිතකට ඉඩ හරින්න
ඇයි පුරවගත්තේ ඔලු
විසකට විඳගෙන හිත
පුරාම බොරු
වරෙන් හිත දමන කරන්
මං ළඟට බලන් මං
අඳින පාට දැන්
අසංවර සවන යදම් බැඳදමන
වදන් ගල්වනයෙන් මා අතින්
මා හදවතින්මයි

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

ආලෝකය නැති විට
සෙවණැල්ලද මා අතහැර
යන්නේ වටපිටාව
මම තනි උනාම රතු උනාම
ඇස් බෑ කිසිවක් කර කියාගන්න
අපි ගෙනාව වෙලාව උපන්ම දා සිට
විනාව හිනාව ගෙනාවත් මනසට
විල විලාපේ ඉරිසියාවෙන්
නැටි ගැලවුනාම උනාද
මනුස්සයෝ


ගෙන ගෙන මත වෙන වෙනම
හෙලුවද නැත
හෙලුව නිරුවත් වෙලා
ඔලුව කුඩු වෙනකන්
පැලුවද කලු ගලක
නැත ඒ ප්‍රශ්න ඇත විසිරිලා
මද කිපෙනවද තාමත්
ඒ සප්ත ස්වරයකට
මම ලිව්වේ නිමෙන්න
වෙනස ඒකයි
නැද්ද ඔලුවක් හිතන්න
උඹ ලිව්වා මරන්න
මක් කරන්න

වෛරෙන් බයෙන් තැවෙන පේන්නෙ දේ
තේන්නෙ වෙන පේන්නේ
ඒත් අඳින් සෑම දේක බැඳුනු
තැල් නිතැල්ප හිතන්නත් මනසක්
නිතර නිතර පොර බඳිනවා
දෙනෙතින් මුවින් කියන කේන්න
තේන්නෙ වෙන වෙන විසිල් වදින
දෑසට පේන අංකිපන හේ හෑ වෙන
කැඩපතක බැඳිලා මම අඳිනවා..
විඤ්ඤානය මත පිපෙන
පැතුනද කිපෙන හැටි
අතකින් වැඩ කෙරුවා
පොතක ඉවර වෙන තැනක්
පෙන්නුවත් නිමි හිමි තැන


සාරාංශයක් හෙව්වා
මට පිලිකුල් බිලිව් පිරිස පිරිහිලා
පිබිදුනු කිනිස මිනිස අතර
නිතර මිතුරු වුණු
සුහද ගුණද ගතට පවද පිවිතුරු
විමසයි මිනිසෙක්
යන එන මඟ මුණගැසුණු

මේ ලියන වියන හීන ඇරුණම
කව්ද මම
පියෙන ඇස් කියන නිවන
මම මැරුණමද
විනිවිද දකින මිනිසුන්
අද පැහැදුනාත්
හීන වෙනවනම්
මා පැරදුනාත්
පුදුම වෙන මිනිසෙකුගේ
ඇරඹුමාත්

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

අවළස්ශන | Awalassana by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

හිත කීරි ගසයි තනිකම
කරයි කුමන්ත්‍රන නොයෙක්
දේ විමසයි පිරික්සයි
විනාශ ජීවිත තාම විස්සයි
සොයමි ජීවිතෙ අගිස්ස
අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවෙ
මම දණිස්සයි
ඕනෙම නැති දේ
මට නම් විනිශ්වයි
කොනිත්තයි උඹලා කල
විහිලුව මට විහිලුවක්
නෙමෙයි යාලු හිරිගඬු
පුලුප්පයි

මම පන්තියෙ පස්සෙම
මගහැරියා හැම තිස්සෙම
ප්‍රශ්නෙම
මම පන්තියෙ පස්සෙම
විහිලුවක් වුනේ
උඹලට මගෙ වස්සෙම
කිව්ව මට තරබාරු
කැපුවා මාව තියාගෙන
ලෑල්ල උඩ පණපිටින්
වගේ මාළු
කොටු කලා මාව පවුර වගේ ගාලු
ලස්සන නෑලු හරි
ඇයි එහෙම කලේ යාලු

මොනවද අම්මෙ අකුරු ජාතියක්
අහනවා මගෙ අම්ම ළඟ
නැති කාලයක්
තාමත් එහෙම්මයි මම
උනා භාරයක්
තාත්තට දුන්නෙ නෑ
තුන්මාසේ දානයක්
ඕන වුනේ හැමදාම අවධානයක්
ඒත් මගේ ජීවිතෙ රජ කලේ
අවමානයක්…
අවමානයක්…
කන්න දුන්නෙ කෑම එක
උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහිකල


අංග විකල
පාලමෙන් දමන්න මෙනෙහි කල
ලස්සන දරුවෙක්ලු හරි ඉහල
හිත සැරිසරන්නේ නියඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගත
ප්‍රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට
ඉඳුනු කොන්ඩේ
අද කලු කෙරුවාට

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන
අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කල වරදට ඉකිගස්සයි
දණගස්සන
මම හසංක හෙලා දකිනවා
වචනය අවලස්සන

මනසේ වැඩි වැඩි ඇවිද
කැපි කැපි නැවත
හිතින් තැතිගෙන නිතර
තැලි තැවි නැවත මතකයන්
අතර තැනි තැනී තියන
ඌ හැංගි හැංගී නිතර රූල්
පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවාම හූල
තැනක් නොතැනක්
ගානක්වත් නෑ
ගැහුවා ගල් ඇඬුවනම්
කමන් නෑ
ඒත් උඹ නිසොල්මනේ

උඹට රිදෙනවාද නිකන් ඇහුවෙ
දැනෙන විදිහට මිනිස් හිතකට
මනසකට පුලුවන් මතකෙට
තැවිලි දැවිලි දුක් ගැනවිලි
අතරමන් කරලා තනියම වේදනාව
දෙන හිතක් හඬවන්න පුලුවන්
ගෙන ඒ චේතනාවෙන්
වියන් තව කෙනෙකුට සිනහව
උඹට ඇහැනවාද අවජාතක
මොනවද කා ළඟ
ඉඳගත්තත් උඹ
මං ළඟ නම් ඉඳගන්
නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල් මට ලස්සනයි
අවලස්සනයි උඹේ

වෙනස මෙලෙස පේන ලෙස
නිවට නිහඬ හිත
නිසල ලෙස ගැඹුරු මුහුද
නෙත් තෙමන දුක සැප කිරණ
ළඟ නිදන හදවතට නිතර කියන
මගෙ නිවස කාගෙත් නිවස
දිරණ මේ කුණු සිරුර
උඹ නිතර විලවුම් පුරවාගෙන
චිත්‍ර මවාගෙන
ඉන්නේ ඇයිද කාගෙන
ඇයි වැරදි නෑ ඌ
හිටියත් බිම බලාගෙන
දිවිනසාගන්න තියනවද
ප්‍රශ්න මිතුරේ උඹට
උඹේ හිත හඳුනන


කෙනෙක් හිටියත් ඈ
හීන කලා අද ලොකුම
කොහෙද මනුස්සකම්
දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත්
මං නැති
අද හවස ආයෙත්
ඉර නඟිනකන්
උඹ කිරපන් ජීවිතෙ අරුත

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කලවරදට ඉකිගස්සයි
දණගස්සන
මම මිනෝල් හෙලා දකිනවා
වචනය අවලස්සන..