වඩින්න දේවතාවි | Wadinna Dewathawi by Harsha Dhanosh (Ras TeledramaTheme Song) [2020]

යේ යී යේ…

යේ යී යේ…

රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා…
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

දිලෙන සිනිදු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දක කරනා.. ඔබේ රූපය කරවා
හැගුමන් මා ඉවසයිදෝ මන්දා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

මනසේ තිබෙන හිස්තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝසංඛා සන්සාරෙන් හංගා
අත අල්ලා
ඔබව මම ඉම්බා
ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

සඳනාරී | Sandanaari by Harsha Withanage [2018]

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..