වැහි පබළු සැලී | Wahi Pabalu Sali by Surendra Perera

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
සිහිනෙන් දකිමී… සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී… මම පෙම් බඳිමී…
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

written by Upul Shantha Sannasgala

සක්කරවට්ටම් | Sakkarawattam by Uzey C Na [2022]

මත්උන මිවිත අද මගේ ලඟ
රත්උන මතකයන් පිචිචෙන වෙලාවට
හිත්වල සමහරු මගේ ගැන තිබ්බ
විස්තර කො අද නැති උන හැමදේම

තිත්තම උන තැන්වල ජිවිතෙේ
අන්තිම අඟලත් ඉවසපු නැති මට
තත්පර ගානකටවති උබලාගේ
බොරු අදහස් මම අහන්නෙ නැ තව

උකසට ගියා ඔක්කම හීන ටික
සින්න උනේ කොලේට මටම පේන මානේ
දැතට හයිය අරගෙන මම ආයේ
එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්

තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ
අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ
හදවත ඉරි තලලා වගේ කතරේ
වතුර හොයන මුවා මම ඩො සාගරේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

කටු කාගෙන ජිවිතේ නැගිටපන්
දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත්
මට වැරදුන දා මට හිටියෙ මං
කාලයක් වින්දා දුක හිතේ හිර කරන්

හදවතේ මගේ හීන පොදි බැදන් මං
ගියේ මගේ පාරේ නිමාව දකින කං
විඩාබර දෙනෙතට සංගිතය උනේ
මදුවිත අද නාඩි වැටෙනකං

කරුමෙන් බැට කෑවා
පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh…
තේරුනෙ පස්සෙ හින්දා
දෛවය ලීව පිටු වල තිත මම තිබිබා

නොදකින පැති දැක්කා
හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා
වදන් සැර වැඩි මන්දා
බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

වෙලා මදි අපි ලොකෙට නවක මේ
දුක වගේ කකුලට වේදනා නාශකෙ
ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක
ආමඟ පිරිලා බං කටු වගේ යායක

කරවටිං දාගෙන අත පිටිං යාලු
පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු
කලවයසට ආවාම නෑකම නෑලු
පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු

පාඩුවේ හිටියට වගේ මම නයා දැන්
මරාන යන්නෙ පලි අරාන සමාජෙන්
විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්
කියන එන්නෙ මම මගේම තාලෙකින්

බලාන හිටියෙ මං එනකං මේ වාරේ
ජරාව නැ අඩො උරා බිවාත් සාරේ
කපාන අපිත් ගියා ඇලේට වැදුනේ
ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ

ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න
කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං
රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්
නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්

තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට
කාගෙවත් ලග නැ හොද හිත ජාමේට
පෝරකෙ අත ලග තියන් අපි සාදෙට
දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

චිලි | Chillie by OOSeven & BEE [2022]

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා

කියාගන්න බැරි දේ තිබුනා හිත යට
හිනාවෙලා දින ගෙවී ගියා ඒවා මතකද
දැනුනද අමතක වෙනවද
මං කියන්නම් ඒ හැමදේ අහන් ඉන්නවද
ඇමතුමක් එනක් මං හිටිය බලන්
කෙටි පණිවිඩයක් මට සතුට අරන්
ඔයා නැති කරා පාලුව හිටපු ගමන්
අපි තනි වුනා ලෝකෙක හීනය මවන්
මාව අරන් ගියා වෙන ලෝකෙකට ඔයා
කිව්ව රස කතා පැණි වගේ කනට ගියා
හිනා වුනා අපි හැම රෑම තිත නොතියා
දුකට මගේ ළඟ ඔයා ඉන්නවා කියා

ගෙවුනේ නෑ දවස් මං ගෙවාගත්තෙ බලෙන්
දැනුනේ නෑ තවත් රිදුනේ පිලිතුරෙන්
මං තාමත් ඉවසනවා ඈතට යන්න මගෙන්
රිද්දන්නේ නෑ හිතලා රොන් ගත්තේ නෑ මං මලෙන්
හැම වෙලාවෙම බලන් හිටියා
මං හැම මොහොතෙම
තවමත් වැදගත් හැමදේම හැම වචනෙම
හැම කතාවම
අහන් හිටියා මං පලක් නෑ දැන් හැමදේම

වෙනස් නොවෙන තීරණේ ඇතිවෙන් නෑ ආදරේ
මාව වෙනස් කරන්න එපා කියලා දැන් ආදරේ
මං තනියෙන් ලියන්න පටන් ගත්තේ
මේ කතන්දරේ
මං නොදනිමි අදහස ඔබේ ඇති මගේ රේ
වැහිබර වළාකුලු අතරින්
ඈ හා සීතල දවසක අපි පියඹූවා
ඔබේ සිත ඔහු ළඟ තනි වූදා
තනියට තනිකම යලි හිමි වූවා

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා දැනුනා දැනුනා
මා හට ඔබේ සිත දැනුනා

දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා
(ශෝක් නේ)

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතා
ඉගසුග නාරිලතා
හිතමනබන්දන සේයා

ඔය බැල්මකට නුරා
හිත අරගත්ත හොරා
මට ඉගිකරලමා චායා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

නුඹද සිහින පෙම් කුමරා
බැදුන රැදුන වන බඹරා
ගැහෙන තැනක පෙම තවරා
ගනකෝ මේ හිත දැන් පවරා

හිත මගේ තාලෙට නැලවෙනා
කරවට මාලෙක සැලෙනා
මුතුකොට ගෝමර ලෙල දෙනා
කවිපද ආලෙට ලංවෙනා

ගෝමර ලද කියමින්
කරබාලම ඔබේ ඔය හිත මැද
ආදරේ කිය කියා හොදටම
නුඹ හදවත ගියා

සුන්දර කෝල සිනා
ගින්දර තාල මනා
අන්දර වැට ලග පානා

පිංබර දාක පතා
පෙම්බර ආල කතා
මම නුබේ වෙන්නට ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා