යන්නම් | Yannam by Nisal Gamage [2023]

දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

written by Nisal Gamage

ආදරේ මා නමින් | Adare Ma Namin by Piyath & Sandani Fernando

දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරුකැට
දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙතිනෙත බැද
දකිමුද පෙම් සිහිනේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ..
මා අතැගිලි ගෙන පපු තුරුලෙම
සගවනු මා සොදුරේ
මට කොදුරනු මැන මගෙ සවනට..
අපෙ ආදර ගීතේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

දවසක් ඒවි | Dawasak Ewi by Piyath Rajapakse [2021]

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී
නුඹ හින්දා මං
ගැයූ පෙම් වදන්
දෝරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා
අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට
කදුලක් උනනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැ‍යූ පෙම් වදන්
දොහොරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

යලි හමුවෙන්නෙ| Yali Hamuwenne Kedinada Api by Piyath Rajapakse

නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ

දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ

ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ

මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ

මා ළඟම | Ma langama by Piyath Rajapakse ft Kushani Sandarekha [2019]

මා ළඟම සුරතේ දැවටිලා
ආ ගමන සුබ සේ ඇරඹුනා
තව නුහුරු හැඟුමක් මගෙ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

ආදර කතා හැබෑවක් වෙනා
ලෙසින් මං හිඳින්නම් තුරුලට වෙලා
තුරුලට වෙලා
නිති සිහිවෙලා සිනාවක් ගෙනා
ඔබෙන් මං ලබන්නේ හැඟුම් රස දෙනා
ඈත නිලඹර පුරා දුටුවේය ආලේ රටා
අතින් අත් බැඳන් යං අනන්තය සොයා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

සත්සර මුසුකොට තාල රටාවට
අතැඟිලි බැඳෙන දිනයි
ඒ ළාහිරු දැවටුන සංවර හිරුමල
ආකර්ශනිය නුඹයි

කිරිකෝඩු හිත කී පෙම් කතා
ඔබ ගාව තුරුලේ නැලවිලා
තව නුහුරු හැඟුමක් මගේ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

කෝද්රේ | Kodre by Piyath Rajapakse [2019]

පවුරකින් නොබිඳෙනා
ප්‍රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා ආදරය වින්දා මා හා

ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්

නිල්නුවන් දිලිසුණා ප්‍රේමයට රාගය කියා
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා
හමුවන්න මතු දා සිතුවෙ මං සැමදා

ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්

ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා

කෝද්රේ කෝද්රේ
මට නුබව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
තවත් මතක සිරවී කදුලක තියෙනා

කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්