ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
මතකේ රැදේ අභිමානයෙක්
ජීවිතේ ලිව්වා

සෙවන දැරූ ගුරු උරුම පුරා
සුව දිනන හීන පෙන්නා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න

මිතුදම් සුවදයි
මේ පිටු අතරේ
කෙලිලොල් මතකේ
පන්තිකාමරේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ
තාමත් රැව්දේ ගුරු දෙව් මතකය
හද පතුලේ

සිත් කිරි සුවදින් ලිත් පුරවා
සියොතින් රෑනෙන් ඉගිල ගියා
පොත් පටුනේ ඇතු හැගුමන්
අපිට කියා දුනා
බලා සිටියේ නිහඩව දෑසින්
පෙර මග පාවඩ එලලා
ලොවක් සනසන
නමක් වෙන්නට ගීතයක් කිව්වා

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

පිටු අතරේ මතකේ රැදෙන්න
මුතුවන් රන් අකුරු ලියන්න
ශිල්පය නිසි ලෙස පිහිටන්න
පොත් වලට ගරු කරන්න
පොත් වලට ගරු කරන්න

ජීවිතේ චාරිකා | Jiwithe Chaarika by Pradeep Rangana [2021]

හමුවීමක් ඇති දා
මේ මා කෙරේ
ආදර සිත ඇදුනා

වෙන්වීමක් නැති දා
මේ මා කෙරෙන්
ආදර සිත බැදුනා

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

රාගී සිනාවන්
පෙම්බර කතාවන්
මට නූහුරු තාලෙ
පවසාවිදෝ

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube