නාමල් මිටක් | Namal Mitak by Randhir Witana

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම්
මී අම වන තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම්
ඔබ පා මුල මුතු අතුරා ටජ්මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම්

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම්

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

වරලස සැරසිල්ලක් නම්

දෙලවන් බන්දා | Delawan Banda by Randhir ft. Apzi & Romaine Willis

මායාවේ ලංවෙලා
හෝරාවෙන් මන මත්වෙලා
මා වෙන්නෑ මංමුලා
ඉවසාගෙන හිටියට කෝලං
මේලාවේ රෑ පුරා
ලස්සන විඳින්න හද පුරා
මා කැන්දා යනතුරා
සැරසී නුඹ එන මඟ ඉන්නම්..

මා නම් දඟ වෙන්නෑ
කිව්වම අහන්න කරදර නෑ
පැණිරස ඇරෙන්න රසයක් නෑ
විඳිනට, යන්ද හවසක…ඇයිද බරබර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

ඇස් වලින් කලත් ඉගි බිගි
කොල්ලො මම දනි උබෙ ඔය රැවටිලි
කතා එපා මගෙ හිත හරි සියුමැලි
හදහනෙ මගෙ සුදො නැහැ ගැලපිගි
මගෙ හිත ලග උබ සැනසිලා ඉන්න රහසෙ
කිසිදා නෑ පෙම් සුව පිරිලාසෙ
වෙන් වෙන්නට බැරි වෙන මගෙ පහසෙ
මල් පැනි බොන්නට බබරෙකු සැරසෙ
බලං ඉන්නෙ මාව කන්න වගෙ
ඇතට වෙලා මමත් ඉන්නං දෙන්න වගෙ
හිතං ඉන්නවනං මේ අත ගන්න මගෙ
පුරවලා දාන්න වෙයිනෙ දියමන්ති අතේ

ආශා වේ ලං වෙලා
ආලෙන් බැඳෙන්න දිවිතුරා
මා ඉන්නෙ මඟබලා
ගන්නට නුඹෙ අත බන්දා
සිහිනෙන් මා නුඹෙ වෙලා
හදවත මිහිරෙන් මත් වෙලා
ඉවසුම් නෑ සිත පුරා
යන්නට මම එමි කැන්දා

නුඹ හද ඉවසුම් නෑ
හදවත බිඳින්න අවසර නෑ
පැණිරස විඳින්න හවසක් නෑ
අතගෙන, යන්න දවසක…නෑනෙ කරදර

Colombo Stars Theme Song by Randhir, Romaine Willis ft. Kaizer Kaiz

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars
Colombo Stars, Colombo Stars,
Colombo… Colombo … Colombo Stars

Come on you warriors rise up

Colombos Rising, Our time is Coming
We are the leaders, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා
Come on you warriors rise up
everybody scream and shout
Colombo … Colombo … Colombo Stars

දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars,
Colombo… Colombo… Colombo Stars,

රජ්ජුරුවෝ උඩයි උඩයි
අනිත් ඈයෝ ටික බිමයි බිමයි
අනාගතේ ඉතින් සුබයි සුබයි
මේ පාර අනිවා අපි දිනයි දිනයි

අම්මෝ Colombo එන එන බෝලෙට
හයක් ගහන්නෝ
විකට් පොලු තුනම දෙකට පලන්නෝ
අපි උඩ ඉඳන් කොඩි වනන්නෝ

කොලොම්පුරේ, කොළඹ ගම් පුරේ
හයක් එහෙම ගැහුවොත් පන්දුව පුරේ
කප් එක ගන්න නේද මේ පොරේ
ගින්නක් නැත්නම් තියන් එනවා කරේ
කොලොම්පුරේ Cricket

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,
Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,

Colombo we love
we gonna conquer
we are the best, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars
Colombo … Colombo … Colombo Stars

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

මල් මදහාස | Mal Madahasa by Randhir ft Bathiya [2013]

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.. හා
වසන්තේ පෙමින් ළං වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

රුව දැක ඈගෙ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො