නුරාවී | Nurawee by Sandeep Jayalath

රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලේ
සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

written by Tharinda Kasun Jayawardana

හාදුවක් | Haduwak by Sandeep Jayalath

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

භාවනාවක් සේම නරබන්
ඔබගේ දෙනුවන් කෙරේ
ඉන්න හැකි නම් වාසනාවක්
දිවිය ඇති කල් මගේ

තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට මුහුනේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ

කල්ප ගානක්
දෑත පටලන්
පැමිණි සංචාරයේ
නුබගේ හුරතල් වදන යහමින්
නිබද සැනසුම් ගෙනේ

තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට මුහුනේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

සඳ කෙමි | Sanda Kemi by Sandeep Jayalath [2021]

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

තරුමල් කඩා
ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා

පවනක් මතින් යමින්
වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

එක දවසක අපි | Eka Dawasaka Api by Sandeep Jayalath & Kalpana Kavindi [2018]

එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

උන්මාද රූමතී | Unmaada Roomathi by Sandeep Jayalath [2020]

ගමන මන ලෝලී
නුඹද සුර නාරී
අනඟ දුනු හී දෙන්නා

බඹර සර නෑසූ
තඹර මල මේ දෝ
කුමර සිත පීදෙන්නා

සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙති
දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ
ළමැදේ නිම්නෙහී – සැතපේ නෙත් රැඳී
රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

දිගටි අතැඟිල්ලේ
සිලිටි සියුමැල්ලේ
නියද පැහැ නා දල්ලේ

නිතඹ නැළවිල්ලේ
හිතම කැළඹිල්ලේ
සුරඹ නුඹ සැනසිල්ලේ

සළුවේ මල් පිපී – සුවඳේ නිම් නැති
ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි

සුළඟේ සිල් බිඳී – වරලේ රැල් සිඹී
හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී

සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ
මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි