සිරියලතා | Siriyalatha by Sangeeth Wijesuriya

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

පිපුනා..හද පිපුනා…

හද පිපුනා…පිපුනා ප්‍රේම මලක්
දැනුනා..මට දැනුනා
මට දැනුනා දැනුනා පෙම් සුවඳක්
මගෙ පෙම් ලෝකේ..රාජිනී..නුඹයි ආදරී
ආ….මගෙ පෙම් ලෝකේ..රාජිනී..නුඹයි ආදරී
සිරියලතා

සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

කෙල්ලේ…සුදු කෙල්ලේ

සුදු කෙල්ලේ…කෙල්ලේ…මගෙ කෙල්ලේ
ගොතලා..මල් ගොතලා
මම ගොතලා…ගොතලා..පෙම් මල් වැල්
පළඳා..නුඹ කැන්දා ගෙන යමි
මගේ..රත්තරන්
ආ……පළඳා..නුඹ කැන්දා ගෙන යමි
මගේ..රත්තරන්
සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි
සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ….ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

බඹර වගේ | Bambara Wage Wisekaraya by Sangeeth Wijesuriya

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා

කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත් මම රඟදක්වනවා
මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්සා වගේ හරි වැඩකාරයා

සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්ස වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙණවා
නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

බඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරයා
සමනළය වාගේ මම හැඩකාරයා
මී මැස්ස වගේ හරි වැඩකාරයා

ළමාතැනී | Lamathani by Sangeeth Wijesuriya

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කුලී ගෙදර තාමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
කුලී ගෙදර තවමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්

අයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
පල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

අයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ

කසාය නොව මං අද බොන්නේ සරුවත්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්