සීතා | Seetha by Adithya Weliwatta [2020]

හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා…
උගනිමු රාවණාගෙන්…

කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුණක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා…

කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…

සීත සන්තෝසයේ | Seetha Santhosaye by Sajitha Anthony [2019]

ඉගිලී ගියා
දුර ඈත අක්ෂාංෂයේ
මිහිරක් උනා
මේ සීත අවකාෂයේ
හිත හිනැහුනා
සීත සන්තෝෂයේ…..

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නුවරු හිම කබා පොරවලා
සීත විඳගන්න මැළි වෙලා
මගේ සමණලිය තටු සලා
මාතුරුල්ලේ ගුලි වෙලා
හිනැහුනා… දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නාඳුනන දුර දේෂයේ
මං අඳුනන්නෙ මගෙ ආදරේ
ඉන්න මා තුරුලෙ මිහිරාවියේ
මේ සීත සන්තෝෂයේ……

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා