මිනිසා සුවඳයි | Minisa Suwadai by Sunil Edirisinghe

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

සම්බුද්ධ රාජ ශ්‍රී | Sambudda Raja Sri Gauthama by Sunil Edirisinghe

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

මේ මහාභද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර

ඒ පූජනීය ශාරීරික ධාතු නිධන් කර
නිමකෙරූ වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්.

අප බුදුන් තෙවැනි වරලක වැඩි උතුම් උදානය
සමරා කලෝ බුදුහු මෙබිම පුපෝ උපහාරය

අපි යුගත සිරස බැඳ බැඳ වැඳ මෙවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්

මේ තරම් සියුමැලිද | Me Tharam Siyumalida Kalu Gal by Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

සොර දෙටුවෙක් | Sora Detuwek by Sunil Edirisinghe

සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් රැලි
අහෝ සැපයි කීවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

දසිස් දිනා | Dasis Dina by Sunil Edirisinghe

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

දසිස් දිනා රුපු රජුන් නසා…
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බැහැර නොව
හිඳින් මගේ දුක කිරුල දරා…

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

දිනු විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා…
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඬා…

දසිස් දිනා රුපු රජුන් නසා…

ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා..

සන්තාප මාවතේ | Santhapa Mawathe by Sunil Edirisinghe

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..
දැරියක් හිදී තනිවී දෙමංතලේ..
නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..
හඬගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ..
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ..
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ..
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

ශිල්ප සොඳින් | Shilpa Sodin by Sunil Edirisinghe

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

පුර පෝය හඳට | Pura Poya Handata by Sunil Edirisinghe

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්

නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා..

සිත කෝල සිතුම් එබී බලන දා…
රෑ නින්ද නැතිව හීන දුටුව දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා..

හද රබන් සුරල් හඬින් වැයෙන දා…
නෑ හිත මිතුරන් සිනා පුරන දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..


ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

සිතට සෙත් | Sithata Seth by Sanka Edirisinghe & Sunil Edirisinghe [2020]

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

යසස් සොයා ගිය
මං දිවි අදුලක තුලදී
සිරවී ඇත්තේ අද මොක්මැයි
සිතෙනා
සිතෙනා

යදෙමෙන් බැදි ඒ
තුරුණු වියේ සිත්
මායා ලෝකෙක සිරවී

නිදොස් විය නොහැක්කේමැයි
සිතනා
සිතනා

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා