in Dasun Madushan

කිඳුරියෙ නුරා | Kiduriye Nura by Dasun Madushan [2020]

කිදුරියේ නුරා
රූ කිමද තව හංගා
යහනේ පුරා දගකරමුදෝ මා හා

සුසුමද මුදා
රගදේවි හද ආශා
හැගුමට වඩා
රැගුමක රැදී පහසා

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

ආයාචනා
නෙතු කැල්මකින් යාවී
වීනා වයා හද සතුටකින් ඉපිදේ

ඈ හා ඇගේ
සුවදත් හදේ දැවටී
පේවී සිතින් පැතු රුව නුඹයි ලදුනේ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

සියුමැලිව නොතැලෙන්න
මල් රේණු පෙති මතට
තැවරූ උනුසුම් මුදු හාදූ

හිමිදිරියේ පිණි පොකුරු
පෙති රෝසපත් තෙමුව
නොලියූ කවියක ඇරඹුම ලූ

රාගයේ ගිලෙනා අදුරේ
ප්‍රේමයක් නම් නෑ දැනුනේ
වේගයෙන් නිමවූ හැගුමේ
නෑ යලි විදගමු අපි සොදුරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply