in Sanka Dineth

ටැටූ වළලු | Tattoo Walalu by Sanka Dineth [2020]

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

දෙතොලත්
සුසුම් සිරවූ
තහනම් රැයේ
නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කදුලූ
මත් වී සැලෙන සලෙලුන් කලා උමතු

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
සනසන්න
කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply