මට හිමි නැති කඳුළු | Mata Himi Nathi Kandulu by Athula Adhikari

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..
මතක තවම තනි රැක්කා…

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට කියන්න අළු යට | Mata Kiyanna Alu Yata by Athula Adhikari

මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නු ඹට හරිම මනාපෙන්

මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්

ඔය හැටි ඇයි හරි ලස්සන
කරන්නෙපා ආඩම්බර
සිත අංජනයක රැදුන නිසාමයි
එක වචනයකට තොල් විවිර කරන්

මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්

මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමර සලයි
නුඹ දන්නවාද සෙනෙහස කොතරම්
අගනේද සොබාදහමට මනරම්

මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්

මට කියන්න අළු යට සැගවී
ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
මම ඉන්නේ නුඹට හරිම මනාපෙන්

මගේ කියා | Mage Kiya by Athula Adhikari

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව..

දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..

හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව..

මධුර වසන්තේ | Madura Wasanthe by Athula Adhikari

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා

දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා

කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා

මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා

කඳුළට බියේ සඟවනා | Kandulata Biye Sangawana by Athula Adhikari

කඳුළට බියේ සඟවනා
නෙතු අග කදුළු බොදඋනා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කදුලැල් පිසලෑව
මාගේ ආදරේ මා පෑවා
නොහඩා හිනැමෙන් කීවා

කදුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති කලා
සෙනෙහේ මට ඕනේ නෑ
එනමුත් මාගේ තරහක් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ

වැරදි ඉවතලා මා හිටියෙ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස්වෙලා
ආසේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ
සිත මාගේ හඩන්නෙ නෑ

ගුරු පාර දිගට | Guru Paara Diagata by Athula Adhikari

ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ
පැතු හීන හිනාවෝ – දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ

අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ

සුදු මල් ඔසරිය හා මුතුපොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිඳ දා හිස් දෑතම විහිදා
වයිරෝ ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

ගෙවී යන්නට කලින් | Gewi Yannata Kalin by Athula Adhikari

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන
සෙනෙහසින්
කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක
නෙතු අගින්

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන
සිසිලසින්
සැඩ හිරු රැස් නොම වෙන්න
හිත දවන රුදු වෙසින්

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

එක දවසක් හැන්දෑවක | Eka Dawasaka Handawaka by Athula Adhikari

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්

සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ..

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග..

ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද

දැන් ඉතිං | Dan Ithin by Athula Adhikari

ඉර හඳට වඩා
අපි ඈත බව දන්නවා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැති
අපේ ලව් සිංදුවේ
අන්තරා පේළියක සමන්ති
මා ඔබව ඉම්බා..!

පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා සමන්ති
සමන්ති

ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා
කේෂ නාලිකාවක් පිපිරුණා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

ආදරේ හදේ රුවා | Adare Hade Ruwa by Athula Adhikari

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා ඔබේ ලග ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංහිද වූ සුවේ මේ නිමි නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලග තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ