දහසක් මල් පිපිලා | Dahasak Mal Pipila by Athula Adhikari

දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හදයි වගේ තියෙයි

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

මගේ සිතුම් ඔබේ සිතුම්
සමාන වී සදා බැදේ
අපේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා උනේ …

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ… සිහින සැබෑවිලා

දෛවයේ සරදමින් | Daiwaye Saradamin by Athula Adhikari

දෛවයේ සරදමින් – වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් – ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් – හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් – සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
දැන උන්නා නම් – විදවන තරම්
සමුගන්නෙ නෑ – මගෙ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්
දැන උන්නා නම් – විදවන තරම්
සමුගන්නෙ නෑ – මගෙ රත්තරන්

දෛවයේ සරදමින් – වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් – ලං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් – හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුනා නම් – සමාවෙනව ද මගෙන්
සමාවෙනව ද මගෙන්

ඉවසයිද මන්දා | Iwasaida Manda by Athula Adhikari

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

ගොලුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ
දරා ගන්න බෑ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනි ඒ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

මේ පාලු දුක් සිහිනේ අතරමන් වෙලා බොහෝසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරී මැරී ඉපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

ආලෙන් වෙලා ගන්න | Alen Wela Ganna by Athula Adhikari

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

ආදරේ සිතේ කළඹා | Adare Sithe Kalaba by Athula Adhikari

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා
ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා
මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා
විදි වේදනා නිවනා ගීතයක් වෙලා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා
සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා
යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා
පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

හද හඬලා (Medley) | Handa Hadala (Medley) by Athula Adhikari ft. News

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ

අපට සින්දුවක් ලියන්න – අපට සිංදුවක් ගයන්න
අපට සිංදුවක් අහන්න ආසයි
ඔබට සින්දුවක් ගයන්න – ඔබට සින්දුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

විසිරුණු මල්පෙති | Wisirunu Mal Pethi by Athula Adhikari

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

ඔබ නැති මේ | Oba Nathi Me by Athula Adhikari

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන බොඳවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන බොඳවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගියදා වේදනා ම‍ට ලොවේ
ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන බොඳවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

හිත අස්සට | Hitha Assata by Athula Adhikari

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

රොන් පොදක් වෙන්නම් | Ron Podak Wennam by Athula Adhikari

රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ

කන් කළුයි ඔබෙ සිනා
සිත් පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ
කාගේ කවුරුදෝ
නෙත් වශී කරයි ඔයා
පෙම් ලොවක් මවයි මනා
සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා

රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ

සාගරේ කළඹා
මුතු ඇට මාලයක් තනනා
පාවෙලා යමිනා
තරුකැට පේළියක් ගෙනෙනා
සැනසෙනා ලෙසිනා
සඳ මත මල් උයන් මවනා
යම් දිනක් මැවෙනා
ඔබ මට ආදරෙයි කියනා

රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ