Just 1 click by Iraj ft. Tony T, Indira Joshi & Infaas [2012]

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

කො.. කො.. කො.. කොදුරන්නා
සද තරු කලබා මා සිත පිරුණා
නුඹ හින්දා හීනෙන් මා
නුඹ ගැන සිතුවා රුව හද අරන්
මාත් ඉන්නම් ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා මේ සීමා බිදින්නා
මම සිතන්නම් නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්…

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

ගිනියම් රෑ | Giniyam Rae by Shermaine Willis ft. IRAJ & Kaizer Kaiz [2014]

රැය හැරයන්නට නෑ හිත දෙන්නේ
හිත තව උනුසුම අයදින්නේ
ලැම ලැම තුරුලට ලංවෙන්නේ
හද රිද්මය කලබලා

ohh ohh ohh ohh
ohh ohh ohh ohh

සෘංගාර හාදු දීලා
නෙත් වැල් අමුණලා

ගිනියම් ‍රෑ
ගිනියම් ‍රෑ
නිම්වෙන්නෑ
නිම්වෙන්නෑ
තනියක් නෑ
තනියක් නෑ
ඉමු ලං වීලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හිතුවක්කාරි | Hithuwakkaari by Iraj ft. Killer B & Nilukshi [2012]

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

It was like a nightmare coming true
It’s true
Whenever I see I feel like watching
Ring part 2
You scared pretty too
If an anaconda ate you
I bet you
He will spit your ass too
So step back
Back away from my life
You are out of your mind if you think
That I will ever make you my wife
You crazy bitch
Go die and ditch
I wish I had a switch
I can turn down you as I wish

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

Bitch, you were the one who got my number
at a car sale
called me up and texted me
Told me we should meetup
You gave me the chill
It made me ill
You wanted to run away
I didn’t have the will
Then you fool around
Called this a relationship
What you think you want the championship bitch
You can’t tell down so I moved on
Now go get yourself a gut to hold down

සංකරද කොතරම්
ඔය නෙත සංවර නැති තරම්
ලස්සනම නැති නම්
මොකටද
රැස් බර ඔය තරම්
මගේ හිස්වුන ලැමැද
ගැස්සේන විගස ලස්සන ද එතරම්
මගේ හිස්වුන ලැමැද
ගැස්සේන විගස ලස්සන ද එතරම්
මං අහන්නේ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කතන්දරේ | Kathandare by Kaizer Kaiz & Genevieve ft. IRAJ [2016]

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ

ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ


විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ’

මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්

පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා
කෝලම් පුරසාරම් දැන් සායම් තවරා
හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා

රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ

පුෂ්පෙ | Pushpe by Iraj ft. Killer B [2007]

ආ පුෂ්පෙ අයියා.
ආ. මල්ලී.
කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා.
කොහොමද මේ දවස්වල මල් business එක අ?
හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.

මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.
Taking you high up to the skies above
Leaving you there, giving you strength to love
Keeping your soul running when it’s done
Cops coming in අපිට හැංගෙන්න තැනැක් නෑ
එලියට ගන්න එපා ඕවා හම්බ වෙන්නේ නෑ
I will sacrifice my life to save yours
හැබැයි උබේ මල් ටික දීපන් මචං that’s the best for sure.

පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

කාටඋනත් මල් දෙන්නේම නෑ මං… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා
නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ
දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
Blue berry yum yum මචන් මේක මාර fun
දැන් නම් මම දන්නවා why cups want us බං

Pack it up real tight ඔතපන් real nice
පත්තු කරපන් ඔක now its my turn right
Say my name මම එන්නම් දුවලා if you Mary Jane I’ll be your මල් කුමරා
I got it all figured now my life it aren’t week
I’m on a bus to get more තණමල්විල weed

පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

කාටඋනත් මල් දෙන්නේම නෑ මං… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

මේක තමයි life එක පාට පාට dream එක
කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
Feel like I’m drift king [beep] high on this shit!
අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා

මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
ඇයි පුෂ්පෙ අයියෙ එහෙම කියන්නේ?
ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
හහ් හහ් හා…

පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

කාට උනත් මං දෙන්නේම නෑ මල්… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

ගන්න ගන්න මල් මල් මල් . ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්.
මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
රතුපාට දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Cleopatra by Iraj ft. Romaine Willis, Kaizer Kaiz and Izzy [2018]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

Cleopatra cleopatra
රැජිණක නම් ලබලා
Cleopatra cleopatra
මා වත දැවටුනා

අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට “මොණරුන්”
එලියට එයි වගේ “හිවලුන්”
මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
උබ “මලක්” උන් “ඹබරුන්”
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඈ රෑ මුර පොලේ

පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට “mitchelle” ඉරට “ලක්මිණි”
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මට ආලෝකේ ගෙනදේවි | Mata Aloke Genadevi by Iraj ft. Ranidu

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මතක මන්දිර | Mathaka Mandira by Samitha ft. Malith Perera

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

කතිරිනා | Kathirina by IRAJ ft. Malindu & Hirushi Jayasena [2019]

කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්

මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදා දේවි
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදා දේවි

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්

මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙන බලාගෙන් බෝසෙන්
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙන බලාගෙන් බෝසෙන්

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

නාද නගා
පාද සලා
සයන පුරා
ප්‍රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී