තුරුලේ නිදන් (මනමාලී 2) | Thurule Nidan (Manamali 2) by Iraj ft. Romaine Willis [2017]

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා

 

මනමාලී | Manamali by Infaas ft. Iraj & Janani [2013]

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී

අද ඔහුගේ මනමාලී

සුපෙම් නෙතගින් බලාලා
ඔයා නෑ ඉඟී කළේ
මගේ සෙනෙහේ පතාලා
ඔයා නෑ ඇමතුවේ

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

ළංවෙලා පෙම් කළා
සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැඟිලී
මා ඔබව සැරසුවා

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

රෑට සඳ සේ උදාවී
ආදරෙන් ළංවුණා
මාගෙ සෙනෙහේ සියුම් තැන්
නොම වැටහී ගියා

මගෙ ආදරෙ හිමිකාරී
අද මාගේ මනමාලී
ඔබෙ ආදරේ
මනමාලී

 

ඒ කාලේ | A Kale by K Mac ft. IRAJ [2016]

ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම
ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම
ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම
මේක මගේ කතාව අද තමයි සැමරුම

කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන්
මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන්
කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන්
කැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන්

පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි
පාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයි
උඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේ
නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

නවත්තපු තැනින් පටන් ගන්නම් කතාව
ආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාව
පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාව
හරිම දේ හරිම විදියට හරිම වෙලාව

හඳ බැසගියත් ඉර පායලා එළිය දුන්නා
දෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නා
මම සැලුන්නෑ මම වැටුන්නෑ මං ආයෙත් දින්නා
ලංකාව මට සැපයි කොළඹ තමයි ඉන්න ඕනා

හැමදාම ජීවිතේ සැප නෑනේ රැඳෙන්නේ
තාත්තා එදා ඇන්න ටොක්ක තාමත් තරු පෙනෙන්නේ
සල්ලි නෙමෙයි හැමදේම මනුස්සකමයි වටින්නේ
තේරුම්ගත්තා මම ඇත්ත කවදාහරි දිනන්නේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

අපි ආවේ ගේමක් දීලා යාළු මුඩුක්කුවෙන් එළියට
එදා කඩප්පුලි අද කොල්ලෝ වස අහසට
මතකද වැලිකඩ මතකද පොලිසිය
අලුත් මූණු ගොඩයි අද 44 කල්ලිය

නවතින්නේ නෑනේ මේක හෙළ රැප් සාදේ
සෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේ
මම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේ
රජවරු දෙවිවරු ඉලුමනාදේ

අවසාන පිටුව ලියන්නම් රන් අකුරෙන්
මනුසතා කියලා දුන්නේ කතාව ධර්මෙන්
සාමදානෙන් ඉමු ඈත්වෙලා අපි වෛරෙන්
සුබ රාත්රියක් කියලා සමුගන්නම් සතුටෙන්

ඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේ
ඒ කාලේ ඒ කාලේ එන්නේ නැහැ ආයේ කවදාවත් ඒ කාලේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ
මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ

 

සෙල්ලක්කාරයා | Sellakkaraya by Lil Neo ft. Kaizer Kaiz [2014]

ඔය විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියෙ ඔය අඩවන්න
වචන තුනයි ඔනෙ රන්ඩුවෙන්න
ඔයා රැවටුන පොඩ්ඩක් හිතල බලන්න
ඔය, හැම දෙම කරෙ මව සතුටින් තියන්න
මම හැම දෙම කරෙ ඔය අඩවල රිද්දන්න
එත් ඔය දැක පලවෙනි දවසෙ ඉදන් හීන මව්වෙ එකට නිදියන්න
සිංදු කොළවල ලිවුවෙ මම කිවුවෙ එව ඔයාට කියලා
හිත යට හිටියෙ ඔය විතරයි, ඔය විතරයි හිනවුනෙ මම හින්දා
ලන් වුනෙ රිද්දන්න නෙමේ
පස්සෙ, ආපහු ගන්න හිතන් මම හිත දුන්නෙ
ඔය තාමත් එක තැන එක නෙමෙ ප්රෂ්නෙ
ඔය දගකරනව මගෙ හිත අස්සෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත ඔය
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා මමයි
සෙල්ලක්කාරයා නුබයි
සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජිවිතයත්
ඔය පැනෙන් ලිවුවත් අපෙ කතාව
මම පැන්සලෙන් ලිවුවෙ මකන්න හිතාන
සුදු ගවුමෙ රතු ලකුණෙ
ජිවිතෙ දුන්නත් ඔය මට සතුටින්
ආදරෙ බිදුවක් තිබෙ නැ
මගෙ එක ලේ බිදුවකවත් ඔයගෙ නාමෙ
ඔය විදෙවුව මම වින්දා
ජිවිතෙ කලු වුනා මම හින්දා
කිවුවා රටවටෙ හපන්කම්
වටකරන් මිතුරන් මගෙ හතුරන් කරන්
මට දඩුවම්
අපි අපිටම ගත පිංතුරේ
ගිලිහුන රටටම මගෙ අතෙ සිදුරෙන්
කාමරෙක අද කලුවරෙ මම උදුර ගත්ත
නුබෙ ජිවිතෙ
මල් ඉහිරුනා
මුලු ලෝකය නෙතු යොමාලා
මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා
සිනහව උදුර ගත්ත
සෙල්ලමකට පටලගත්ත
ජීවිතෙ උදුරගත්ත
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
සෙල්ලක්කාරයා නුබයි
කදුලු ගානේ වටුනු ඇගේ සොදුරු හඩ ඈ
නිහඩ කෙරුවා (නිහඩ කෙරුවා)
ලොවම දුටු ඈ සයන්ගත වු
අදුරු සේයා මිලින කෙරුවා

 

දෙනුවන් Denuwan by Peshala Manoj ft. Meena Prasadini & Iraj [2011]

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

යුග ගී රැදි සුලගක් ලෙසින්..
සවනේ ඔබේ රැව් දෙන්නේමී…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….

( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…)

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…
රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

දෙකොපුල් පුරා…
තොල් විහිදන්නෙමී…

(රිද්දන්න හැදුවට.. තවත් රිදෙන්නෑ මට.. මට විශ්වාසයි.. මීට කලින් අපි.. හමිබවෙලා තියෙන්නෙ.. සංසාරෙ පුරුද්දට වෙන්න ඇති.. මම ඔයාට ආදරෙයි..)

පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී…
රහසින් පවා
ඔබ අමතන්නෙමී…
ආදරයේදී මා
ඔබ හට පරදිමී…

ජීවිතේ සුවදැති…
ආදරේ උල්පතී…
වටලේ සුවද ගෑවී ඔබේ…
තුරිලේ පහස වැඩිවෙයි මගේ…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….

ආශාවරී | Ashawari by Kalpana Nayanamadhu

ආදර අඹරෝරෙදි
ඔබ මා මග හැර ගිය දා…
කදුලැලි සයුරෝරෙහි
කාලය ගිලී ගියා…

මේ සදකැල්මවත්…
මගේ දුක දැක්කා නම්…එදා…
විදවන්න තිබුනා…
මට ඔබ සිහිකර මෙදා…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…

ලස්සන දවසක
හවසක හමුවී
ඒ විසිතුරු උයනේ…
උණුසුම විද විද
සුවසේ පෙරලී
හිද මා…තුරුළේ…
හිනැහුනු තරමට…ඔබගේ……
ගත මා ළගමුත්
හිත් ඈතක බව නම් නෑ දැනුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…

අවරට යන
හිරු සද වාගෙමද
මා දුටුවේ…
වෙරළට එන රළ ආපසු යන බව වත්
නෑ දුටුවේ…
පහසම..
පමණද…
පැතුවේ…
මා අත අත්හැර.. අතින් අතට යනෙනා…
ලදුනේ…

ආශාවරී ඔබේ නම පවා…
මියුරුයි කියා…
සිතුවත් එදා…
ආශාවරී ඔබ ඒ තරම්…
වියරුයි කියා…
සිතන්නටවත් මට බෑ මෙදා…