in Athula Adhikari

ඉමිටේෂන් මාල පොටේ | Imitation Mala Pote by Athula Adhikari

ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
සරා සඳ වෙලා
මගේ ම සිත් මල තුරුළට දේවතාවියක්
කුළුඳුල හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

banner

Leave a Reply