in Sangeeth Wijesuriya, WAYO

සංගීත් Medley | Sangeeth Medley by WAYO [2019]

සද හා නැගී
තරුවක් ව ලග ඉන්න
හිරු හා දිලී
සුසුමක් ව දිලිසෙන්න
සිත හා බැදී
මගේ ලෝකේ මට ලංව සැමදාම
සනසන් ලදේ

පින්බර සුදු ලදුනේ
නෑ මා හඩවන්නේ
ලංවී බැදි ආදරෙන්

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ

දෑස සලා හිත යට කෝල කතා
රූප ශ්‍රියා
මා සිත උමතු කලා

නොඉඳුල් මලේ
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා
මනමාල හිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා…

රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්…
දෑත පාමි ආදරේ නමින්…

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී
ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී
ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ

නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

මේ රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා
මලින් පිරි වස්න්තයේ උයන් කොනේ පෙමින් වෙලි
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

හද විල පිපි මල් සිබිමින් දඟ කල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කලා
ආලේ යහන පුරා ඈ කෑන්දාලා
සිහින ගෙඟ් මා නහවාලා ඇය දෝ සිනේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

banner

Leave a Reply