දූවිල්ලෙන් තිලක තියන්න | Duwillen Thilaka Thiyanna by Ajith Bandara

දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න

ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

බණ්ඩාර අයියේ | Bandara Aiyye by Ajith Bandara

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට
මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම
මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

ඇසිපිය සලන නිසා | Asipiya Salana Nisa by Ajith Bandara

ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇස් කතා කරයි | As Katha Karai by Ajith Bandara

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

තාරුකා නිවා | Tharuka Niwa by Ajith Bandara

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර..

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් තනිවෙලා
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර..

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා