ආයේ එන්නෙ නෑ | Aye Enne Na by Izzy Iznu ft. Zany Inzane [2021]

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ අයේ එන්නේ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

නිවන්න බෑ මේ හැගීම දැවෙද්දී
ඇස් නුඹේ රාගයෙන්
මනින්න අවසර ලැබෙද්දී ආලය
මනින්නේ කාමෙන්
මිදෙන්න බෑ මහ රෑ මේ හදවත
දැවෙද්දී ආලෙන්
මේ කතාවේ එක හිතකින්
මට ලියන්න බෑ අවසානේ

අතවල සායම් ගාන මගේ
මේ ආදරේ සිත්තමක් පාට කලේ
අපෙ දෑතින් මම ආස කලේ
නුඹ ගාවින් හෙවනැල්ල වගේ
ඉද ගන්න
ජීවිතේ බෙදාගන්න
කවුරුවත් නෑ මම ගැන තව දන්න
නුඹ වගේ
ගන්න බෑ ගෙවුනු කාලය දැන්
ගෙවුනු කාලේ අපි දෙන්න ගියපු තැන්
තාම පෙර වගේ

පාවෙන නව්කාවකි මං
ගව්ගානකි මහ සාගරේ
කුණාටු මැද්දේ කපාගෙන යන
තනි රුවලක් වගේ නුඹේ ආදරේ
මුලු ලෝකෙම දකින හදට කවදාවත් නෑ
නුඹ උපමාකලේ
රජ වාසලේ හැමදාමත් නුඹ වෙනුවෙන් ඇති
රැජිනගේ ආසනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

ආඩම්බරියේ | Adambariye by Izzy Iznu ft. Kaizer Kaiz [2020]

නාදුනන සේ රෑ යාමේ
ඔබ ඉවත බැලුවා නේ
සිප වැළඳගත් ඒ කාලේ
මතෙකවත් නෑ වාගේ
නෙතු හන්ගන් ආවේ
ඇයි නෙතු යා කෙරුවේ මා

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

හදවත ගැඹුරේ ඔබමයි ඉන්නේ
සැනසුම මාගේ කවුරුන්දෝ
විඳගත්තේ පහසින් පහසින්
උණුසුම් වූයේ දෙකපුල් සිහිවීලා
හදවත තාමත් ඔබවම මැව්වේ
නුඹ දුර යාවී යාවී පාවී

තනි රෝස මලක් එලිකලා මගේ වත්තම
සතයක් නැති මට නුඹයි වත්කම
කෙල්ලෝ වටවුනත් ගොඩාරියක්
කසිම සතේ නැතුව
මොටද ලැබිලා මට කෝටියක්
මාත් එක්ක මෙහේ
ඔහුත් එක්ක පිටරට
හිත මට එපා ඔහු ළඟ නම් වත
ලස්සන වුනත් ඉඩමේ ඔප්පු නැති නම්
වටිනවා අඩුයි කෙල්ලේ
රත්තරන් වැවුනත්

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ

ඔබ දැකුමෙන් මන් මන්මත් වේවී
මතකෙක අවතැන් වේවී
යලි යලි ආයේ යලි ආයේ පෙර වාගේ
සිතුවිලි සිරගත වේවී
වන දොල පිනවනු බැරිවී
නුඹ ළඟ ආයේ යලි
මගේ ආඩම්බරියේ