මේ අහස යටම | Me Ahasa Yatama by Raween ft. Shanika Madhumali

මේ අහස යටම
යළි හමුවන්නට
ගිවිසාගත් හැටි
ඔබ හා මම
මතකද…
මතකද…
කියන්න
ඔබ හා මම
මතකද…
කියන්න

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න

සිඳු රළට හොරෙන්
ඔබ දැකගන්නට
මහ පොළව සොයා ආ
කිඳුරු දෙනෙත
මතකද…
මතකද…
කියන්න

ඔබ හා මම
මතකද…
කියන්න

මේ අහස යටම
යළි හමුවන්නට…..
සංසාර පුරුදු
නෙක හීන අතර…..
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි
සඳ තරුද නුඹයි මට නම්
පිණි හුළඟ වගෙම
මුළු හිතම නිවන
ආදරය නුඹයි මනරම්

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි…..

දිගැසී | Digsi by Raween Kanishka

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

නීල උත්පල නයන
පෙර දිලිසී
කෝල පෙම්බර බැලුම්
කෝ අඩැසී
දෑල නෙතු නිල
දියවෙලා රතැසී
කෑරම නුඹ රළු
මසිත සැරසී

මාව විතරම පැතූ
සද සරසී
නෑර හැම භවයෙදීම
නුඹ අවැසී
ගාව ඉන්නට
නිවී සිත සැනසී
සොයා එන්නද
හැර ඔටුනු සිරැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

රන්වන් නුවන් | Ranwan Nuwan by Raween Kanishka

රන්වන් නුවන් දැල්වීලා
සන්සුන් හැගුම් සුන්කල
කවුරුදෝ මා
කවුරුදෝ මා
කවුරුදෝ මා හදේ හැංගිලා

මායා සිනා දැල්වීලා
ආරාධනාවේ ගලා
මායා සිනා දැල්වීලා
ආරාධනාවේ ගලා
මේ රෝස උද්‍යානයේ
ආශා බිගුම් පියාසලා
කාගෙදෝ ආදරේ දැවටිලා

පයාදිලී තාරකා
චායා සැලී පාවෙලා
පයාදිලී තාරකා
චායා සැලී පාවෙලා
මේ පාලු විල්තීරයේ
පෙම් හැගුම් මං මුලා වෙලා
ජීවිතේ මීවතින් ඉහිරිලා

රන්වන් නුවන් දැල්වීලා
සන්සුන් හැගුම් සුන්කල
කවුරුදෝ මා
කවුරුදෝ මා
කවුරුදෝ මා හදේ හැංගිලා

නුඹගේ වෙලා | Numbage Wela by Raween Kanishka [2020]

හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ

නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

පැහැසර හිනාවේ සඟවා ගෙනාවේ
මල් යායේ දැවටිච්ච පෙම තවරලා
නුඹ නැතුව හීනේ සැනසෙන්න බෑනේ
නෙතු ඇඳුන සිතුවමට සිත හුරුවෙලා

නෙතු පියෙන ගානේ නුඹ ලංවුණාවේ
හැමදාම සසරේ පුරා
ඒ හුස්ම ගානේ නුඹ මගේ වුණාවේ
හැමදාම දිවියේ පුරා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ

නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

ඔබට ළං වී | Obata Lanvee by Raween Kanishka & Nuwandika

ඔබට ළං වී ලඟින් ඉන්නට
හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට
කාරණා ඇත දැන්

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

ආදරේ මල් පියලි අතුරා
හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන
බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං
හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන
සුසුම් වැල් හැදුවේ

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

කවමදාවත් නෙතට කදුලක්
දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා
එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක
තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං
අඩන්නෑ මැණික

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං