නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා

නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක
දල්වා සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරී

හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව මිහිරී
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා
රුව කලබනු නොහැක ඉතින්

මා වාගේ | Ma Wage by Isuru Jayarathne

මා වාගේ ලඟින් උන් මා වාගේ…

සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…

කාගේ හෝ මුසා බස් හින්දා ඈ…

මා හා ඈ බිඳී ගියා වාගේ….
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ…..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ…

පෙරදා උදයේ ඈ මා අසලම වූයේ…

ඊයේ වෙන දැතක පැටලී උන්නේ….
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ….
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ….

මා වාගේ ලඟින් උන් මා වාගේ…

සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…

කාගේ හෝ මුසා බස් හින්දා ඈ…

මා හා ඈ බිඳී ගියා වාගේ….
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ…..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ…

පායාවී සඳක් තව පායාවී…

පීදේවී කුසුම් තව පීදේවී….
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…

පායාවී සඳක් තව පායාවී…
පීදේවී කුසුම් තව පීදේවී….
පායාවී සඳක් තව පායාවී…
පීදේවී කුසුම් තව පීදේවී….

ජීවිතේ අමා දරා | Jiwithe Ama Dara by T. M. Jayarathne

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ



ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ පියාබනා ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැදුනේ…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සඟවා මගෙ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ගියා ලඳේ
මීවිතේ රස උතුරා…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

එක සිත දෙතැනක | Eka Sitha Dethanaka by T. M. Jayarathne

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…



එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි…

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා