කුමරියක පා | Kumariyaka Pa Salamba Saluna by W. D. Amaradewa

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

කුමරියක පා සළඹ සැලුනා…

උකුල ළැමහස මලවි කරලිය
මුවා කල ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් දැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුනා…

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිඳ කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුළං නැලවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුනා…

ගිලෙම් ඔබේ ගුණ මූදේ | Gilem Obe Guna Muude by W. D. Amaradewa

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාධු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…..

සිඳ බිඳ මෝහදුර පාප
සිඳ බිඳ මෝහදුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
සිඳ බිඳ මෝහදුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ……

සිල්ගත් දිනිඳුන් සේම
සිල්ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල්ගත් දිනිඳුන් සේම
සිල්ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මව් ප්‍රේම
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…….

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාධු
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ…..

තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ

නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ



දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා, අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා

ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින්, අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ