in Chamara Weerasinghe

චාමර වීරසිංහ Medly | Chamara Weerasinghe Medly by Chamara Weerasinghe [2020]

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොලුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි
ඔබව තාම මටද හිමි

මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි
මම තවත් ඔබේ ලගයි

දිව රෑ දෙකේ
වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ
පින් වැස්සාවේ
වදිමී සැමදා රජුනේ

දිරියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
මේ මනුලෝකේ
සුරිදුනි මාගේ
දෙවියොත් මගෙ ආදර තාත්තයි

පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply