in Roshan Fernando

තව එක සැරයක් | Thawa Eka Sarayak by Roshan Fernando

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං
ඔබට ආදරෙයි නම්

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්
එක මලකට පෙම්කරමි සිතින්
නෙළන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

banner

Leave a Reply