දෙනෙත මම සොයයි | Denetha Mama Soyai by DILU Beats [2021]

ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූ
ඒ නීල බබලන නෙත්
මාගේම වූ අයුරූ
මේ හීන ඉටුවන තෙක්
සොයන්නෙමි මා කරුණූ

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං
ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

අපගෙ ගමනයි අපගෙ හීනයි එකවගේ දැනුනාම
නුඹව මෙතරම් වටිනු ඇයිදෝ නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි
නුඹ දෙන්නෙ පිළිතුරු මයි
නුඹෙ වෙන්න සුදුසුද මං
නිතර මට සිතෙනවමයි

නුඹෙ තළෙළු රුවේ.. සිනහ මුවේ ..තනිකම හුරු නෑ.. දැන්
නුඹෙ සිතට රැවට වසග වී මං

ඒ නුඹ නිසයි සිත සොයයි….

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි…

ආදරයෙදී ජීවිතයෙදි මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී

written by Ashan Perera

මැවිලා | Mawila by Dilu Beats ft. King Lotuss [2023]

සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා

මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි

එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

written by Ashan Perera

නුඹ හා | Numba Ha by Dilu Beats [2023]

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

written by King Lotuss

පෙම්බරී | Pembari by DILU Beats & Dilo [2022]

නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල්වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී

නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී

හදපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා

පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹෙ නම කියන්න නගෝ
මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත්වෙලා බලන් show
ඇගෙ show බලන්දෝ හිරිවැටි මං මගෙ නගෝ
යමන්දෝ අහන්දෝ මගෙ ලගින්ම ඉන්න සහෝ
ඇගෙ කෙසඟ නැලවි නැලවි ඇ ලඟින්ම පැලවි පැලවි
එ රූපෙට හද දැන් ඇලවී මං එකෙන්ම ඇයට කැමතී
ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ
කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්නං ගෙදර මේ බෝලේ