සක්මන් කරන මළුව | Sakman Karana Maluwa by Gunadasa Kapuge

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

පින්සර ඔබ හැර | Pinsara Oba Hara by Gunadasa Kapuge

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය දැනුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ දැනුනේ…

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ…

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

පිය සටහන් මැකී | Piya Satahan Maki by Gunadasa Kapuge

පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්
පිය සටහන් මැකී නොමැත තව

ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අඟ
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබ හට ගැයූ ගී
ඇසේද තවමත්
ඇළේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව

රළු බොරළු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නුදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව

රුවක් ඇදෙනවා | Ruwak Adenawa by Gunadasa Kapuge

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා

පසක් කොට ඇති | Pasak Kota Athi by Gunadasa Kapuge

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
ගෙවා ඇත රුදු මාර දෙව් පුතු..

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදු වු ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවක අවිදු ගණඳුරු…

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..

පලංචියේ වැඩ | Palanchiye Wada Indagena by Gunadasa Kapuge

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා
ඇල්මෙන් අකුරට යනවිට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළොවට
අප සිරසට රන් කොත වෙනවා
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹේ දාදිය සුවඳ තියෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

ඔබට යන්නම ඕනෑ නම් | Obata Yanna Ona Nam by Gunadasa Kapuge

ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි

පුරහද දියවෙනවා සේ
කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා

තරුවක් බැස යනවා සේ
පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහඉද්දර
ඉන්න ඇවිත් පායා

ඔබ පෙම් කරනා | Oba Pem Karana by Gunadasa Kapuge

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ…

සාගර වෙරලේ සොඳුරු සැදෑවක
රඟහල කෙලවර අදුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ…

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත මුළාවෙන්
මටද ආදරෙයි කියා තිබේ…
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ…

නින්ද නැති රැයේ | Ninda Nathi Raye by Gunadasa Kapuge

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නිර්මලා ලොන්ඩරිය | Nirlmala Londariya by Gunadasa Kapuge

නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා..
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා..

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා..
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා..

යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා..
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා..

දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා..
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා..

එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා..
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා..

නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා..
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා..