භවයෙන් භවේ | Bawayen Bawe by Mihindu Ariyaratne x Uresha

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි

සුවඳ විහිදා හමන සුළඟේ
යන්න පාවී සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ
පාවි පාවී ඉන්නයි සිතුවේ

දිනෙක හමුවූ දෙනෙත් නොකියූ
රහස් තාමත් හිතේ ගොලු වී
තවත් නොකියූ රහස් ඇත්නම්
අහන් ඉන්නම් තවත් ළං වී

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී

සීත මීදුම් වලා පටලෙන්
වහන්නට බෑ සිතේ සිතුවම්
අඳුරු මහ රෑ නිවුනත් පහන්
සඟවනු බෑ නෙතේ කැල්මන්

කියන්නට ආදරේ කියා
පමා වූවත් වදන් ගොලු වෙලා
පතා ආ, ආදරේ
හමුවී…

භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ
සදාකල් මිහිරී

සුවඳ විහිදා හමන සුළඟේ
යන්න පාවී සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ
පාවි පාවී ඉන්නයි සිතුවේ

භවයෙන් භවේ පතා ආ, ආදරේ
සදාකල් නොමියේ

written by  Nandana Wickaramage

සදවතියේ | Sandawathiye by Ridma ft. Charitha Attalage

සදවතියේ
ඔබ මගේම යයි කියා..ලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා

ඇසිපිය හෙලනා
ඒ සුලු මොහොතේ පවා…මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සදවතියේ

සදවතියේ
ඔබ මගේම යයි කියා..ලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා
ඇසිපිය හෙලනා
ඒ සුලු මොහොතේ පවා…මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සදවතියේ

රැදෙන්නෑ…මා… නෙත් මානයේ
නිවෙන්නේ…ඇයි මේ යාමයේ
මා… රිදවනු ඇයි…
මා… හඩවනූ ඇයී…
සදවතියේ ඇයි මා… තනිකෙරුවේ

සදවතියේ…

ඇසිපිය හෙලනා…

written by Nandana Wickramage