අභිප්‍රාය | Abipraya by Ramesses Reezy [2025]

කියනවා, ලියනවා, කරනවා නැහැ ඇති..

හොයනවා හොයනවා නැහි නැහි නැහැ ලැබි..

ඉඩෝරයත් වහගෙන වහිනවා මහා වැහි හැබැයි මට මදි මම කියනකන් මට ඇති..

ඇති වෙන්නේ කොහොමද සමාජෙක සිහි නැති..

සිහි ඇති වෙනකොට යාවී ඇඟ හිරි වැටි..

දේවල් ඇත ගොඩක් එදා පටන් මම පිළිපැදි..

ගලවන්න පුලුවන් ද මුන්ට මගේ ඉඟි වැකි..

Reezy ගිහින් Grammy අරගෙන එනෝ පේනෝ Bro!

මගේ හිත කියනවා මට තව ඕනි MORE!

මුනුත් අහනවා “තව ඕනි” කෝ Reezy කෝ!?

මම දිනුම් ගනිනවා  Eeny Meeny Miny Moe!

මුන්ගේ පද වැඩක් නෑ මං හරි දේම කරනෝ!

නවතින්නේ මට ඕනි දේවල් මං කරලෝ.

මට හොඳයි පෘථිවියත් මට හොඳයි පරලෝත්

මම උඩ යන්නේ මගේ පරණ එකත් මරලෝ ම⁣ට

තව ඕනි! තව ඕනි! ////

තව ඕනි! තව ඕනි! තව ඕනි! (Arghhhhh!

මට ඕනි දේවල් මට කියන්න ඕනි! 

මට ඕනි දේවල් මට කරන්න ඕනි! (Arghhhhh!)

පරම්පරාවක ශාපේ මට අද බිඳින්න ඕනි! (Yarghh!)

කලා වෙසින් පණිවිඩේ තියන්න ඕනි! (Harh)

මට කියන්නෙපා විදි හැසිරෙන්න ඕනි! (Raghh)

ධ්‍යාන වඩනවා හැබැයි මට තාම Horney!

මට ඇති වෙනකන්ම තව තව කරන්න ඕනි!! (Arghhhhh!)

කෑ මොර දේවි, ඇල්බමේ පේලි

ඇස්පියන් අහපන්! උන්ට යයි තේරි,

උඩින් අත ගෑවොත්, උන් යයි නොතේරි,

පරිස්සමෙන් අහපන්, ආරූඩ වේවි!

මොළ ගෙඩි පාදන් උඩට නැගේවී,

අඩු කම්පන අධි කම්පන වේවි!

මනෝමය කාය මන බන්දන පේළි!

වෙන මාන දැනෙන්නටත් වෙයි සංවේදි!

තනපන් විමාන, කඩපන් ත්‍රිමාණ!

සංකේතනය කරවයි මන් විධාන!

වෙන කාචෙකින් බලපන් ඇස් තියාන,

වෙන මානෙක්න් බිඳුනු තත් කියාපන්,

මුතුන් මිත්තනුත් කියාවි දැන් ලියාපන්!

ඇස් දාහකුත් දැරූ : දැන් දිනාපන්!

මේ වේදිකාවේ මම නෑ විඩාපත්!

ඒ කයි කාමරේ ඉඳන් මං කෑගහන්නේ මට! 

තව ඕනි! තව ඕනි! ////

written by  Minru Silva

අධ්‍යාත්මික | Adhyathmika by Ramesses Reezy [2025]

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

හදන්නැති මම පිරමීඩත්..

කරන්න ඇති තරම් පිනවීමත්..

මේක මගේ යලි පිබිදීමක්..

පුරාවෘත්තයක ලියවීමක්

අනාවැකියක කියවීමක්..

මගේ යථාර්ථය කියමී මං..

සටන් කරයි මගේ දේ වෙනුවෙන්..

සටන් කරයි මගේ ලේ වෙනුවෙන්..

මනිනනෙපා හුත්තෝ දේ පෙනුමෙන්..

මගේ නම රනින් මා කෙටුවෙම්..

මුතුන් මිත්තනුත් මා බෙරුවේ..

අන්ධකාරයෙත් මා වෙලුනේ.. 

ප්‍රතිභාවෙනුයි මා තේරුවේ..

අභිමානයෙන් මා කෙරුවේ..

කොන්ක්‍රීට් පලන් රෝස..

ඉසිවර ආදී යෝග..

ජයගමි අභියෝග…

ගලාගෙන යයි මං දෝර..

ගොඩගහයි Dollar Euro!

Me numero UNO!

24K Bruno.. (Mars)

කූණු හොයන්නේ ඇයි Puto?

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

කරයි කලාවත් මා යුද පිටියක…

තවත් ඇත රාමු ගොඩක් බිඳිනට..

හදයි හදවතුත් ගනන් මිලියන..

මම වගේ එකෙක් නෑ මිහිපිට..

යාවි කරා අධිමාන..

තනයි අහසේත් විමාන..

ජීවිතේ කරයි විධාන..

ආවා පහුකරන් මං විශාධ..

මේක තමයි හරියන මානේ..

අධ්‍යාත්මිකයි වයි වාසේ..

රට පුරා යවි මේ රාවේ..

සම කරන්න බෑ මේ භාවේ..

අවසානයි කාළේ පුහුණු..

හුරුයි මට රළු මුහුදු..

අත දීපු, වල කැපු කාගෙවත් ම අමතක නැහැ මුහුණු..

කරේ මම දේවල් අධිෂ්ඨානෙන්..

අභිප්‍රේරණය පණ ගැන්මෙන්..

කිසි දෙයක් නැහැ පසු බෑමෙන්..

ඒකයි ඉන්නේ  උඩ අභිමානෙන්..

ඒකයි අදින්නේ කොටු දුර බලලා..

මගේ උන්ව නෑ මම තාම හලලා..

මට උරුම දේ ගනි මං පවරා..

අසීමිතයි බලය මම දරනා.. 

දිනන්න කලින් මං නෑ දේවල් සමරන්..

බොරු⁣ව මවන උන් මට අරහන්..

පස්සට යන්නට නම් මට තහනම්..

ගන්නේ මා බාරෙට සෙල්ලම පවරන්..

written by Minru Silva

මහිම | Mahima by Ramesses Reezy [2025]

ආයුබෝවන්! අවසර ගන්නෑ මන් ගරු සභාවෙන්,

පුලුවන්නම් අල්ප මාත්‍රාවක් තේරුම් ගනින් මේ කතාවෙන්,

අඩියක් පස්සට තියමි මේ පුහුදුන් සමාජෙන්, 

මං කියන්නම් මට ඕනි දේවල් මම දන්න කලාවෙන්,

මේ ලංකාව සිරියාවයි, ඉතිහාසේ ප්‍රවුඩ 

වර්තමානේ බලන් ඉන්නේ “කෙලවන්නේ කව්ද?“

දැක්කේ නැද්ද තොපි තාම කැරකෙන රව්ම?

මාත් බස්සන්නම් හිරටම පළල් වෙන්න තව්ව!

මං කෑ ගහන්නේ තොපිලාට උඩ ඉඳන් කන්දේ..

පිටින් නෙවෙයි අතුලාන්තෙන් දැක්⁣කොත් පෙනෙයි ප්‍රශ්නේ..

බාල්දියක කකුලුවෝ වගේ මයි මුන් හැසිරෙන්නේ..

උන්ගේ බැනුම් උන් කාපිය මම නෑ වලඳන්නේ..

රැපෙක් වෙන්න ඕනි කියලා නෑ ගුණ අතඅරින්නේ..

නම්බු නාම නෙවෙයි  හු*තෝ මම රකින්නේ..

මේ මොහොතෙදි මම හරිද නැද්ද ඒකයි මට වටින්නේ..

හැබැයි කවුරු කොහොම හිතන් හිටියත් මමයි මේකට අරින්නේ..

පින්නක් පොද ⁣වැටුනාට නොවෙයි පොළොව කම්පා..

අල්ල සිනිදු කියන්නේ මුන් අල්ලාද මන්දා..

මොනානැතතත් තොපේ ඔළුවේ අවසානයි නම රන්දා..

හිතුනොත් 34 ඡන්දේ ඉල්ලනවා මං තොපිලවත් අන්දා..

මට වැඩක නෑ මෙකේ Rhymes, මට වැඩක් නෑ මේකේ Flows,

මං තුවාල පාර පාර ගිහින් හොයන් යන්නෑ gauze..

මේ මාත්‍රාව හරි හැබැයි තොපි OverDose

මගේ ගෑනිට විත⁣රයි ඉඩදෙන්නේ මාව කරන්න මොල්..

තොපේ ඔළු හදාගන්න මම දාහක් වදන් ලියන්නැති..

මේ සින්දු අස්සේ ඇති දේවල් කව්රුවත් ම කියන්නැති..

පරම්පරාවක් වැඩක් නෑ මට රාමුවෙන් පිට හිතන්නැති..

හිරවෙලා වගේ දැක්කේ නැද්ද ලූපයක නිමක් නැති..

ළඟට ගියාම පෙන්නේ නෑ යාලු හඳේ හාවා..

මේ ලෝකේ ඇත්ත හන්ඟලා හොයාගනින් හාරා.. 

මං දන්නවා මේකේ ගොඩක් හැත්ත ඉන්නේ රට කාලා..

හැබැයි මේ කර්මාන්තේදි මමත් ටිකක් හිතයි වගේ ශානා..

නැණයි, බෙලයි වැඩක් නෑ ළඟ නැත්තම් ගුණ,

ගුණයි,නැණයි,බෙලයි වෙන්නේ එහෙමයි මගේ පුත,

ජරාව ඉබේ හේදෙන්නෑ, හෝදගනින් පුක,

ඇස් පියන් ඉඳගනින් දවසක පසළොස්වක පුර,

මුන් මූනට කියයි හොඳ , වටේ යවයි නරක,

උන්මයි ගලවලා පෙන්නුවේ මූණු දෙකේ තරම,

වෙන දෙයක් උනත් ඔච්චරමයි , මං දන්නවා හොඳට,

දැන් දන්නවා මගේ වමේ කව්ද, අනිත් එවුන් කොනට!

පොලිම් පිටින් ගියත් මදි මුන් නිහඬ අරණට..

ගුණත් හදාගනින් බණත් එක්ක මොළේ පදමට..

දැනුම වෙනයි, අත්දැකීම වෙනයි තමයි දහමක..

නොදැන දෙයක් ගරහන්නැතුම හෙමින් වෙයන් අහකට..

උඩත් එකයි යටත් එකයි, මුන්ගේ ප්‍රෝඩාව,

අවස්ථාවෙන් අවදානේ ගන්නේ වගේ කෝණාර,

වෙනසක් තොපිත් පටන් ගනින් දැන් තමයි හෝරාව,

රට හදනවානම් මම උනත් ඡන්දේ දෙන්නේ BORNA! ට..

ලොකු මිනිස්සු හැප්පෙද්දි ,තැලෙනවලු පොඩි උන්,

ලෝක පාලනේ,දේශ පාලනේ අපි ඔක්කොම පොඩි උන්,

“වේද නොවේද දන්නෑ මේවා පෙර කරපු උරුම දේවල්!“

රටක් වෙනස් කර්න්න මම කරන්නේ මට හුරුම දේවල්..

මැරෙන්න දුන්නෑ මගේ ඇඟේ ඉන්න පොඩි එකා..

මොරපු අතු කැඩෙන සුලුයි පටල ගන්න එපා..

මං ගත්තු තීන්දු තීරණ මගේ යටින් තියෙයි දෙපා,

මං පසුතවෙන්නෑ කිසි දේකට වුන එදා මෙදා..

පිහාටුවෙන් මනි මගේ හදවතේ බර,

පහුකරගෙන යාවි හිමින් ජීවිතේ තල,

හාවා හාරපු ගුල ගැඹුරුද ගිහින් බලන් අද,

උබලට ඕනි විදියට හැසිරෙන්න නම් කියන්නෙපා මට..

විහිළු එවා Share කරපු උන් Share කරයි ද මේවා?

මං රණශුරයෙක්මි කරුවෙක් නොවෙයි හේවා..

Egoistic, Narsssasic, Toxic වේවා..

එකෙක් දෙන්නෙක් නෙවෙයි හුත්තෝ කියන්නේ සංහතියට..

තමන් වෙනස් නොවෙන තාක් කල් වෙනස් වෙන්නෑ පද්ධතියම..

මටත් බැනතැහැකි ගමට, පන්සලටද පල්ලියටද

බනින තරමක් කෙලවෙන්නෙත් මටම තමයි..

මේ ලොකේ එක පැත්තක් ගත්තොත් සහමුලින් කුරිරුයි..

හැබැයි ඒ වගේමයි අනිත් පැත්ත පිරිසිදුයි මියුරුයි..

මේ දේවල් දකින්න බැරිනම් මං දන්නෑ කව්ද වැරදි..

මේ ලෝකේ දෙවල් සිද්දවෙන්නෑ අපි විතරක් කැමති.. 

ඒත් පුලුවන් මට හොඳක් කරන්න තෝරගන්න මේ මොහොතේ..

මේ මෙහෙයුම උඔලාගේ රාමු  කඩලන්නයි බොහෝ සේ..

හිසේ ඇම්ම කිය කිය මාරු කලාට මදි කොට්ටේ..

වෙනස් එකෙක් වෙන්න බලපන් එක වගේම රොත්තේ..

මං එදත් අදත් කරයි හරි දේ ලෝකයා නොදැක්කත්..

අනිත් උන්ට ගරහන්නේම නැති උන් තමයි දැක්මක්..

පවත් පිනත් බලපානවා දකින්නටත් ඇත්තක්..

ඒකයි මට ගානක් නැත්තේ මුස්ලිම් කෙල්ලෙක් බැන්දත්..

written by Minru Silva

සිහින | Sihina by Ramesses Reezy [2025]

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

How you gon win when I hold this globe in the palm of my hand,

It’s not about love,

It’s all about trust when you become the man,

When you come from the city I come from,

You ain’t nobody till you pull out some bands,

Watch me throw it in the air while I’m doing my dance,

Only 22 became my own brand,

I could make it look easy,

You know it’s a problem when I’m in Colombo I’m linking up Reezy,

I know whatchu want,

Baby girl correct me if I’m wrong,

My heart ain’t been in love for so long,

Demons in my head I stay strong

I’m living these songs,

I ain’t ever leave no witness nah,

I’m a singer but I’m G with the business baby,

Ain’t your birthday but you’re so gifted baby,

That’s your new sundress?

Let me lift it baby,

If you don’t feel nothing why your eyes dilated?

I could make em all disappear like a bird migration,

We could charge you a 100 if you want Duava on stages,

Introduce you to my agent,

Settle that payment,

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

[RR]

ඇස් වැහිලා, නෑ දැනිලා..

නෑ මැකිලා, මං ඉන්නේ රැකිලා..

දැන් හරි කාලේ, 

මේ මගේ යාමේ..ඉගිලෙයි ආයේ..

හුරු නෑ ආලේ..

මං ආවේ නෑ එක රෑකින්..

අල්ලගන්න මගේ දෑතින්..

කඩන්නෙපා මගේ දැහැනින්..

ඈ මා මිලින කරාවි දෑසින්..

දැනෙයි සංවේදනා..

තියේවි දහසක් චේතනා..

හුරු ඇයි මේ තරම් වේදනා.. මටත්..

මං කරන්නේ මොනවාද වෙලාවට කලාවට ගානට ග්‍රහයොත් කැරකෙයි..

මේ ජීවිතේ කතාව පෑනකින් කොළේට ඇවිදින් තාලෙට හැරවෙයි..

හීනෙට කැපවෙන උනුත් දවසක හරි කාලෙට වැඡබෙයි..

වැඩක් නෑ කිසි දෙයක් වෙන හැමදාම මම හීනෙට කැපවෙයි..

මටත් නොදැනිම මගේ පාරේ මම ගොඩක් දුරකට ඇවිත්..

එක එක තමයි ගොඩ නැගුවේ මං කිසි දෙයක් නැති තැනින්..

ගොඩක් දේවල් මට ලබාදුන්නා ඒකයි කලාවට මම ලැදිත්..

මිල කරන්නට බැරි මාලිගා හැදෙන්නේ නෑ එක රැයින්..

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

written by Minru Silva & DUAVA

අරමුණ | Aramuna by Ramesses Reezy [2025]

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

කට්ටිය Set වෙලා රැප මරනවා බර දාලා අපේ බෝඩරේ..

අපේ උන් කොහොමත් අඳිනවා කරනවා ඒක තමා සෝබනේ..

TeeCeeත් බේරිලා ඉන්නවා යන්තම් පිහිටට මෝසමේ..

මං නඩු කන්න ආස නෑ ඒක නිසා Call එකෙන් දානවා Ordere.

Knock! Knock! Bro, Wussp!

අපේ උන්ට නැහැ වෙන රස්සා..

ගතියනම් ලාවට රස්තා..

අපේ ගෙදරට කියුවේ ඒකාලේ Trap House..

කොල්ලෝ බහිනවා තද ගැම්මක්..

කෙල්ලෝ බැස්සොතින් එහේ වැස්සක්..

ගනන් ගන්නෑ පිට එවුන් බැන්නත්..

හැදුනෙම එහේ තමයි නැති වෙන්න නැම්මක්..

බහින්න ඕනි නෑ සමාජේ, සමාජේ බැහැලා අපේ ගෙදර..

කරන්න ඕනි හැම වරදක්ම ගානේ කෙරුවේ අපි එතන..

කියයි මරු කතා ඒ බිත්ති හතරත් කතා ක⁣⁣ළොතින් එහෙම..

එහෙම කරපු දේවල් හින්දා තමයි හුත්තෝ අද ඉන්නේ මෙහෙම.. 

තාමත් බඩගින්න එහෙම..ඒකයි හැසිරෙන්නේ මෙහෙම..

ලේසි උනේ නෑ එන්න මෙහෙට.. මම තේරුවා මගේ බෙහෙත..

මේක තමයි තෝරපු Drug එක මං..

හැමෝම එක ගානේ තේරුවා බං..

එක හේතුවක් අපි ඈත් උනා නම්..

මේ තාක් වෙනකන්..

නැහෙනවා මමත් මේක මත්තෙම..

හැබැයි බඩු⁣ වැඩ කරනවා ටක්කෙට..

කාරණා ආවට බරක් වෙන..

ගතිගුණ නැහැ මගේ ළඟ මගින් අස් වෙන..

ඉවරයි මං සෙල්ලමට අරක් ගෙන..

ලියන්නේ මේ වචන රටක් වෙත..

මේ කරමාන්තේ වෙනම රහක්වෙන..

නම තමයි Double R උඔට මතක් වෙන..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මටවත් බෑ හු*තෝ නවත්වන්න මාව..

මම දඟලන්නේ හු*තෝ පරද්දන්න මාව..

ඉතින් කොහොමද තොපි වළක්වන්නේ මාව..

මාරයා නෙවෙයි බලන් ඉන්නේ මාව..

නැව පදිනවා මැදින් වාරකන් කාල..

ඇගේ තියනවා රස්තියාදු ජාන..

අනුමාන කරන්නෙපා මං දාන පාර..

අපි නැහැ එදා ඉඳන් මැක්කන් ට ආස..

දවාලෙට නිදි අපි එළි බහි රෑට..

Fyu ට මං කියුවා හීනේ වැඩි නැහැ ඈත..

හුරු වෙන්න ඕනි අපිත් හුරු නැති දෑට..

සුරුට්ටුවත් එක්ක අතට ගත්තේ මං පෑන..

මෙහෙමයි අපි ගන්නේ පලි..

ඇත්ත කියලාම මට හති..

යතාර්තේ බොරුවක් නම් ඇත්තයි මේ හීන..

අම්මයි මට ඉගැන්නුවේ ගති ගුණ වීර..

අනාවැකි ඇත ගැන මගේ පැමිණිම..

තරුණයි මේ කය ආත්මේනම් පැරණිම..

ඒ කාලේ වස විස නෑ  අඩුවක්..

මොකෙක් හරි අරන් එනෝ නඩුවක්..

නොගහනම් ඉන්න වෙන් නෑ වරැවක්..

මම දන්නේ නැහැ ඒ කාලේ මම වෙයිද තරුවක්..

කල දේවල් ගොඩයි අපිත් පුරවන්න සාක්කු..

වග බලා ගත යුතුයි නොවන්නට මාට්ටු..

ගහනවා ගේම් වගේ පෙරලන්න ආණ්ඩු..

හැබැයි එක පාරක් අතට වැටුනා මාංචු..

විස්සයි විස්සෙම නැවැත්තුවා සීතල..

තේරුනා ඕන්නෑ බොරැ තාඩන පීඩන..

යන පාර ගැලපෙන්නෑ අරගත්තා තීරණ..

මලටම රොන් උනා හලලා මං භීෂණ..

බෝතලේට වඩා ආස දුමාරෙට..

සූස්තියයි, කෙල්ලොයි තැනුයි මං මුලාවෙන..

කවුරුත් නැහැ මාව යන්න මුදාගෙන..

පහුවෙලයි හමුවුනේ බෙහෙත තුවාලෙට..

කාලේ වෙනස් දැන්, යන පාර වෙනස් දැන්..

මම ඇවිදින තාලේ වෙනස් දැන්..

මම දැන් ආසයි හොයන් යන්න මාර වෙනස් තැන්..

හරි හෝ වැරදි හැමදේම අවශ්‍යයි..

හැම දේම සිද්ද වුනේ මාව තනන්නයි..

මගේ වෑයමෙන් මගේ පාර හදන්නයි..

ඕනි උනේ හීනේ යතාර්තේ කරන්නයි.. 

හිනා යනෝ වෙලාවට දෛවයෙත් හැටි..

ජීවිතේත් බොහෝ සෙම පෙන්නුවා පැති..

මම නෙවෙයි එකෙක් තව දෛර්යයක් නැති..

නැහැ කව්රුත් ⁣වෙන මෙවන් ශෛලක් ඇති..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

written by Minru Silva

කාලය | Kaalaya by Ramesses Reezy [2025]

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

හිත අගිස්සෙන් කියන්නේ මං ඇත දේවල් වැලලුව..

මතකයන් ඇත හදවතේ බොහෝ පැටලුන..

නැතුවමත් නොවෙයි සමහර තැන් මං කැළඹුන..

මගෙන් පස්සේ මේ කතාව අරන් යන්නයි ඇරයුම..

නැවතුනේ නැහැ මං තාම.. කොහේ පැටලුනත්..

වැරදුන් දහස් වාරයක් නෑ අද ගැටලුවක්..

හැරවුමක් ලැබුනද නැදෝ මේකේ නැවතුමක්..

මරණයත් වෙයි නම් මෙකේ තවත් එක ඇරඹුමක..

දෙවියන්ගෙන් ඇහුවේ මම එක දෙයිය ඇයි මං ආවේ..

ගැලවෙන්න අමාරු ඇයි මෙතරම් ම වේදනාවෙන්..

උරුම ද මට තැනක් රඟන මේ වේදිකාවේ..

සැනසෙන්නයි ලියන්නේ මේ පද මම පේලි ගානේ..

දුමාරයක්වත් නෑ කියයි ප්‍රශ්න අද පොතකට..

මුණ දෙන්න වෙලා කරන්න බෑ දේවල් කොනකට..

හැබැයි හේතු දාහක් ඇත හීනේ පණ පොවනට..

අරන් යන්න මාව ගෙදරට යලි මොහොතක..

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

මේක තමයි යතාර්ථය මම යන පාරේ..

පාඩම් ගොඩක් ඉගෙන ගන්නටයි මම ආවේ..

වේදනාවේ මුල සතුටද ඇත ආයේ..

මේ තමයි දේවල් තේරුම් ගන්නට හොඳම කාලේ..

මං සටන් කරන්නෙමි රණශූරයෙක් වගේ..

සීමා වෙන්නට බෑ කඩයි මේ තලේ..

ජීවිතේ මට දෙයි හිමි දේ මගේ..

හිමි කරයි දේ මගේ..

මේ දාඩියත් සළකුනු කරයි කඳුළු..

හීන මරලා නෑ වෙන්න දීලා පළුදු..

කාලේ ඉවරයි මා තටු පවා හැකිලු..

මං මාව හිර කලා ඇතිලු..

කඩන්නට බැරි වෙන්න හදයි මගේ ගේ පවා..

හදන්නට බැරි තැනුත් හදාගන්න නෑ පමා..

දෙව්දුවන් කියයි ඕනි දෙයන් අහන් පාදවා..

මගේ හීනේ කරා ඇදෙයි ඕනි වෙරක් මා දරා.. 

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

written by Minru Silva

මනෝභව | Manobhawa by Ramesses Reezy [2025]

ඇත්ත කියන දේ ඇස් වලින් දකින්න පුලුවන් ද?

මේ හැමදෙයක්ම සදාකාලික ද?

හොඳ කියන දේ පවතින්න නරක පැවතිය යුතු ද? 

මේ තරම් ඇවිලුනු ලෝකයක… නිවනක් දකින්න හැකිද?”

හුරුවෙලා මේ හුදෙකලාවත් හොඳටම..

යටවෙලා වේදනාවන් කොළයකට…

හදවතත්…. රළු වෙලා.. වගේ දැනෙනවා..

අපි මැරෙනවා දිනක… 

නිදි වරා අතරින් කළු වළා…

හමුවනා තුරු මා මාවම මරා… 

හැමදේකම හිස්බවක් හැඟෙනවා.. 

හදවත බර නෑ මෙන් පිහාටුවක්..

හිත මගේ කැළ⁣ඹෙයි මෙන් කුණාටුවක් වෙලාවට..

ඕනි තනිවෙන්න එක විනාඩියක්..

ආකහේ.. දුර ආකහේ යන්න විරාමයක්…

ඇයි මේ තරම් වී මා සීමා…

කඩාලන් කෙසේ දැයි මේ විඩා..

වයාවී දෝ දෙව්දුවන් වීනා..

ගීයක් තනා කියන්නම් මාගේ හැඟුමන් දහසක් පීරා..

written by Minru Silva

රාවය | Raawaya by Ramesses Reezy x Kevin Smokio [2025]

ලයින් වෙන වදන් brib ගණන් shipping – Escobar 

ගොඩ නැගෙයි මගේ අධිරාජය වගේ –  Escobar 

දූවිල්ල කරයි දියමන්ති වගේ –  Escobar 

මාත්ද්‍රව්‍ය  තමයි සංගීතෙ මම –  Escobar 

Escobar /// අල්ලන්න ලේසි නෑ

Escobar/// සශ්‍රිකයි වගේ

Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ 

Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු 

Kushcobar වාගේද bro මම Escobar 

හැසිරෙන්නේ නෑ මං නම් වෙස් වලා

මේ වගේ තමයි මං ඉස්සරත්

දාන්න එපා බොරු මං ඉස්සරහ

මුන් පාරවල් දාලයයි ලිස්සලා

මුන් හිතන් අපි තැවෙයි පින්නටත්

Industryයටම කෙල දෙන්න වෙලා ඉන්දලා 

පොඩි  මාළුවෝ අපි කන්නෑ

අපි අරන් යන්නේ දැල දාලා තඩි මෝරු මරන් 

දෝරේ ගලාවි ද්‍රෝණ ගණනින්

බෝ වෙන විෂ ගෝර වදන්

කෝම කිවත් මුං දැකලා තියෙනවා මං

කට කියවන උන් ඕන තරම්

ඕනි දෙයක් ඕන නෑ ඕනෑවට වඩා

මං උදේට කන්නේ දැන් තෝර අරන්

මං අඩිය තියන්නේ තාලෙට

දැන් හැව අරිනවා කාලෙට

කුංච නාදය මෙල්ල වේවි

පවතිද්දී දැන් මගේ රාවය

ඔව් කරන්නයි ආවේ පතාගෙන

මං යුද්ද කරන්නේ සාමෙට

කර්මේ ලෙසද එන්න හැකි 

මමත්වේ ගැටෙන බාගෙට අඩෝ!

Escobar /// අල්ලන්න ලේසි නෑ

Escobar/// සශ්‍රිකයි වගේ

Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ 

Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු 

Smoka! වගෙයි Pablo Escobar 

“no se, puede, reprobar”

ඇතැමුන් ඇතේ මෙලෝ රහක්

දෙති ඉන්නා ගෙම්බොවන්

වෙති නිග්‍රා කෙල්ලොන්ටත්

වෙලීවි විකාරෙන් දොඩා

බොඩරේ බෝසා මං

දැනුමෙන් උගතෙක්

ඇදුමෙන් උගතෙක්

ලැබුවා බුද්ධ සේ

පැතුවා බුද්දත්වේ

නැව්ගුරමක් සේ හැංගුනත් ලංකාවේ

Tu badal ta he

Tu kyu hul Ka ra main 

Shunu mere de Tu

Shunu Para ta he

Door se deke tu

Tu bi hal ga he

You have no idea 

who you fu**ng with dude 

You be absolutely double d**k 

කතා පිට කිව්වත් තමන්ට තමන්

මගේ වටේ එවුන් අවංකයි මට

ප්‍රදක්ෂ උනෝතින් රැපට නරම

නවත්තන්නේ දාලයි හ*** 

මං දැන් අමලයි දුලෙලයි 

මූණ ඉල්ලන් මගේ

කාරයෙන් මං ශූරයි

දැනුමින් උගතෙක්

නුහුරුයි නටන රූකඩ

මම සූත්‍ර උගත්තේ පූර්ව බවෙන්

කෘරයි ගති – දූර දර්ශී

ඌන නොව දැන් උල්ප කටින්

මං පූර්ව බවෙන් ශූරා කමින්

අනූනයි නුවනින් පූර්ණයි

ලොවේ සීමා කඩයි –  Escobar 

නොවේ පීඩා ගනා – Escobar 

වටේම නම යයි – Escobar 

රටේම සමරයි – Escobar 

Escobar /// අල්ලන්න ලේසි නෑ

Escobar/// සශ්‍රිකයි වගේ

Escobar/// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ 

Escobar/// මත්ද්‍රව්‍ය මේ තනු

written by Minru Silva

අවංකෙන් | Awanken by Ramesses Reezy [2025]

මේ ලෝකෙට ඇවිත් නම් දැන් විසි පහයි.. (දැන් 25යි අවුරුදු!)

අත්දැකීම් ගොඩයි මගේ මතක රහයි..

ඇයි මම ආවේ මේ ලෝකෙට අහයි!..

අම්මයි තාත්තයි දුන්න නමයි..

උප්පැන්නේ ලියවුණු ආගමයි.. 

ඒ මම තමයි.. කිව්වට!

කොහොමද එද්දිම ලේබ⁣ලේ වැදුන පලියට පිළිගන්නේ ?

අවුරුදු හතක් වෙනකන් ම පිටින් ගන්න ගතිලු තදින් පිහිටන්නේ..

ඒ ගතිමයි ලු ⁣මැරෙනකන්ම අපිව ඉබේට කරවන්නේ..

මං අත දාලා ඒවත් වෙනස් කරගෙනයි දැන් මාව කරවන්නේ..

අම්මා ගේ පුරුදු, තාත්තා ගේ පුරුදු, අයියා ගේ ඇවිල්ලා මටත්!

වෙන්නලු පුහුණු ඕන්නැති පුරුදු තියලා යන්න නම් ගමන තවත්..

හැමෝම ඉන්න විදිහට ඉන්න ඕන්නෑ මට තවත්..

අපිත් නිකන් තෙරපෙන තරම්.. ගොඩ යන්නේ නිදි මරන්..

මට නම් ඇති වෙලා.. එකම රවුමක හිරවෙලා..

නමය පහ ම⁣ට නම් එපා.. මං නෙවෙයි උඔ හිතන එකා..

දකින එකා.. 

සල්ලි ද හොයන්නේ බාගෙට මැරිලා.. Ah!? 

ලෝකේ දුවන්නේ බොරුවෙන් වැහිලා..

බෑ මට පස්සට යන්න නම් හැරිලා..

ගොඩක් දේ දැනිලා, ඔව් දැන් ඇස් ඇරිලා..

ඒ නිසා..

ඕනි දෙයක් කරයි අවංකෙන්..

මොන දෙයත් ලියයි අවංකෙන්..

හැම දෙයක් ම මමයි කරන්නෙත්..

හැබැයි මං කොහොමද කරන්නේ අවංකෙන්?

මං අහන්නේ අවංකෙන්! //

මං කියන්නේ..//

අවංකෙන් කරොත් මං දිනයි ද ඡන්දෙන්? Ah ?

වැටෙයි ද දැන් ඉන්න තත්වෙන්? Huh? 

වදන් දෙන්නම් ඕනනම් කඩ්ඩෙන්.. 

තියන්නම් හුත්තොන්ව මුරුංගා අත්තෙන්.. Hrh!

ලෝකෙම අල්ලන්නම් මං තනි අතෙන්..

මං නම්මන්නම් මිනිස්සු කටෙන්..

කියන්නනම් කෙටි පාර යන්න කන්ඳ මුදුනට අස්සෙන්..

මේවා.. කරන්න ඕනිමද බං අවංකෙන්!?

මිනිස්සු හිත රිද්ද ගන්නේ නැද්ද දෙයක් අපි මූණට කියුවොත් අවන්කෙන්!?

ඇත්ත දරාගන්න බෑ මුන්ට..

ඕනි බොරු මවාගන්නයි සෑහෙන්න..

තව කාලයක් යාවි ඇස් පෑදෙන්න..

එක වචනෙත් ඇති හිත් පෑරෙන්න..

කොච්චර කෙරුවත් හොඳ නම් බෑ වෙන්න..

තමන්ම කරාවි තමන්ටත් බොරු..

කර්මය වනාහි හැමටයි පොදු..

සයිකලේ පදි මුං කාගෙන ඔළු..

බ්‍රෝ අදාළ නෑ උඔ ඇදපන් කොටු..

තමන්ට නැති උන් අනුන්ට හූල්ලයි..

NPC වගේයි හිතන් පරිපූර්ණයි..

එළියක් පතා හොයන්නේ අඳුරයි..

ඒ වගේ උන් ඉතින් කොහොමත් අඡූතයි..

පිරමීඩේ උඩ නෑ යාලු සුද්ද!

අපි උඩ යද්දි වේවිද ශුද්ද?

අවංකෙන් කරන්න ඉඩදෙයි? මුන් ද?

අනේ නිකන් පලයන් බං හු*ත!

දහයක් ගත්තොතින් නවයක් වංකයි!

තමන්ව තමාටත් අනුන්ටත් හංගයි!

ආස කටුස්සන්ගේ රන් පළඳන්නයි!

වැඩක් නෑ අවංකෙන් කරත් මුන් අන්ධයි!

ඒ නිසා..

හැමෝම නෑ කරන්නේ අවංකෙන්..

හැමෝම නෑ ලියන්නේ අවංකෙන්..

හැමදෙයක්ම ‘මම’යි කරන්නෙත්..

ඇයි ඕනි මං කරන්න අවංකෙන්? 

මං අහන්නේ අවංකෙන්! //

මං කියන්නේ..//

ඇයි උබ බයද කරන්න අවංකෙන් ?

උඹ ණයද? යාලු පරිස්සමින් කතාව ඉවර වෙන්නෑ කනත්තෙන්..

උඹ ආසද කරන්න වංකෙන් ?

යාලු නැහෙන්නේපා බොරු මත්තෙන්! 

තමන් අවංක වෙනකන් තමාට කරන්න අමාරුයි මේක නවතින්න වෙන්නෑ අනන්තෙත්!

අවංකෙන් කෙරුවොත් කඩන්න පුලුවන් කර්මේ පවා! 

ඇත්ත කියන එකාට වැටහෙයි ධර්මේ පවා!

මමත්වෙට ඕනි දිලිසෙන්න තමයි ඇත්ත වසා!

වංක නොවියන් දාහක් උන් අස්සේ අවංකෙන් කෙරුවොත් ගැම්ම තමා!

කොච්චර කියුවද බොරු මන් අම්මට!

කොච්චර දේවල් නම් ඇත්ද මං හංගන?

අවංක වෙන්නැත්තේ මං බය හන්දා ද? 

මං මගේ ඇත්තවත් දන්නැති හන්දා ද?

වරදකාරී හැඟීම් ඇත පිරිලා..

පරණ දේවල් වලින් මම ගිලිලා…

මත් වුනු කාලේ නෑ මේ දේවල් දැනිලා..

කොහොමද යන්නේ මං මේවාගෙන් මිදිලා?

පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙනවා මිනිස්සු බයයි!

බහුතරේ පැකිලෙන්නේ තමන්ගේ වැරදි දකින්න තමයි!

දේවල් වෙනස් වෙන්නේ අපි අපෙන්ම අහන පැනය මතයි!

අහසින් බිමට අපිව වැටුන හේතුව තවමත් බිඳුණු බවයි!

ඒ නිසා..

ඕනි දෙයක් කරපං අවංකෙන්!

ඕනි දෙයක් ලියපං අවංකෙන්!

දේවල් නෑ වෙන්නේ අහම්බෙන්!

ඒකයි කරන්න ඕනි අවංකෙන්!

මං කියන්නේ අවංකෙන්! //

මං අහන්නේ//

written by Minru Silva

නිදහස | Nidahasa by Ramesses Reezy [2025]

කියනවා, ලියනවා, කරනවා නැහැ ඇති..

හොයනවා හොයනවා නැහි නැහි නැහැ ලැබි..

ඉඩෝරයත් වහගෙන වහිනවා මහා වැහි හැබැයි මට මදි මම කියනකන් මට ඇති..

ඇති වෙන්නේ කොහොමද සමාජෙක සිහි නැති..

සිහි ඇති වෙනකොට යාවී ඇඟ හිරි වැටි..

දේවල් ඇත ගොඩක් එදා පටන් මම පිළිපැදි..

ගලවන්න පුලුවන් ද මුන්ට මගේ ඉඟි වැකි..

Reezy ගිහින් Grammy අරගෙන එනෝ පේනෝ Bro!

මගේ හිත කියනවා මට තව ඕනි MORE!

මුනුත් අහනවා “තව ඕනි” කෝ Reezy කෝ!?

මම දිනුම් ගනිනවා  Eeny Meeny Miny Moe!

මුන්ගේ පද වැඩක් නෑ මං හරි දේම කරනෝ!

නවතින්නේ මට ඕනි දේවල් මං කරලෝ.

මට හොඳයි පෘථිවියත් මට හොඳයි පරලෝත්

මම උඩ යන්නේ මගේ පරණ එකත් මරලෝ ම⁣ට

තව ඕනි! තව ඕනි! ////

තව ඕනි! තව ඕනි! තව ඕනි! (Arghhhhh!

මට ඕනි දේවල් මට කියන්න ඕනි! 

මට ඕනි දේවල් මට කරන්න ඕනි! (Arghhhhh!)

පරම්පරාවක ශාපේ මට අද බිඳින්න ඕනි! (Yarghh!)

කලා වෙසින් පණිවිඩේ තියන්න ඕනි! (Harh)

මට කියන්නෙපා විදි හැසිරෙන්න ඕනි! (Raghh)

ධ්‍යාන වඩනවා හැබැයි මට තාම Horney!

මට ඇති වෙනකන්ම තව තව කරන්න ඕනි!! (Arghhhhh!)

කෑ මොර දේවි, ඇල්බමේ පේලි

ඇස්පියන් අහපන්! උන්ට යයි තේරි,

උඩින් අත ගෑවොත්, උන් යයි නොතේරි,

පරිස්සමෙන් අහපන්, ආරූඩ වේවි!

මොළ ගෙඩි පාදන් උඩට නැගේවී,

අඩු කම්පන අධි කම්පන වේවි!

මනෝමය කාය මන බන්දන පේළි!

වෙන මාන දැනෙන්නටත් වෙයි සංවේදි!

තනපන් විමාන, කඩපන් ත්‍රිමාණ!

සංකේතනය කරවයි මන් විධාන!

වෙන කාචෙකින් බලපන් ඇස් තියාන,

වෙන මානෙක්න් බිඳුනු තත් කියාපන්,

මුතුන් මිත්තනුත් කියාවි දැන් ලියාපන්!

ඇස් දාහකුත් දැරූ : දැන් දිනාපන්!

මේ වේදිකාවේ මම නෑ විඩාපත්!

ඒ කයි කාමරේ ඉඳන් මං කෑගහන්නේ මට! 

තව ඕනි! තව ඕනි! ////

written by  Minru Silva