කහ කුඩේ | Kaha Kude by Sanjeew Lonliyes [2023]

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

ඉරණමට අම්මටයි මටයි මේ අත්වූ
දැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තු
කඳුළු මල්වඩම් නෑ දුක බෙදාගත්තූ
තනිවෙච්ච කෙනෙරටයි ලංවුනෙත් ඇත්තු

පන්සලේ පොල්වත්තේ මැටිගහපු පැල
එදාසිට වී අපේ නවාතැන්පල
තේරුමක් දන්නෙනැති කතන්දරවල
අරුත පහදන් අම්මේ කොතැනකද මුල

තාම මන් හොයනවා කරුණාවෙ හැඩේ
අතරමන් වෙනවාමද ගුරුවරුත් නඬේ
නෙළුම්මල් ආස ඇයි රැඳෙන්නම මඩේ
අම්මෙ ගෙයි කාගෙ මේ කහපාට කුඩේ

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

written by Aththadiya Pungyarathna Thero

sanjeewlonliyes,sanjeewalonliyes,sanjeevlonliyes,sanjeewlonliyessjs,sanjeevlonliyas,sanjeevloniyas,sanjeewnewsong,sanjeewamusong,sanjeev,srilankanartists,religious,paharadenawewalata,paharadenawewalarathnasri,paharadenawewala_rathnasri,sirasa,newsinhalasong,yakadamanamali,religiousthink,rathnasrisongs,sirasabima,rathnasriwijesingha,thaththageginidiyata,srilankanamumusicculture,kalevaddageyakadamanamali,#kahapaatakudee,sirasabimavatuna,raggae,kale_vaddage_yakada_manamaalii,kahakude,thinking

කන්‍යාවිය උඹයි | Kanyaviya Umbai by Sanjeew Lonliyes [2022]

මල් මාවතේ කෙමි ටික මාකටින් කළ
දුල් පියයුරේ උල් හරියම වසන් කළ
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ

ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග
ජාතිය බලමි සොලවා පියයුරු දෑල

ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී

රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා
වෑවර මදන තන අස්සට දෙතොල තියා
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා

written by Soorya Sinhabahu

යකඩ මනමාලී | Yakada Manamali by Sanjeew Lonliyes [2022]

ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි

එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි

කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති

එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි

written by Sanjeew Lonliyes

සිරස බිම වැටුණා | Sirasa Bima Vatuna by Sanjeew Lonliyes

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පාබැඳුනු යදමට වැඳවැටෙන
පා විලංගුව පින්තාරු කළ
සිත්තරෙක් හිටියා
ඒ සිත්තරා මැරුණා
විලංගුව බිඳුණා

සිරස යයි කී මැටි ගොඩක් උඩ
සදාකාලික ඔටුන්නක් විය
රන් රුවන් ගවසා.
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

written by Rathna Sri Wijesinghe

sanjeewlonliyes,#sanjeewlonliyes,sanjeewalonliyes,sanjeevlonliyes,sanjeevlonliyas,#sanjeevlonliyes,sanjeevloniyas,sanjeewnewsong,#sanjeewnewsong,#sanjeevnewsongs,sanjeev,#sanjeev,newsinhalasong,srilankanartists,religiousthinkingsong,rathnasriwijesingha,religiousthink,rathnasrisongs,thinking,malmavathekemitikamarketingkala,religious,paharadenawewalarathnasri,#kanyaviya,paharadenawewalata,paharadenawewala_rathnasri,#kanyaviyaumbairikandishankala,yakadamanamali,sirasa,#kanyaviyaumbai

යසෝදරා කවියකි | Yasodara Kaviyaki by Sanjeew Lonliyes [2022]

සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
ඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ

පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි

මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා

වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
දුස්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට

ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ

written by Sooriya Sihabahu

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ | Pihithuden Adare Livve by Sanjeew L

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Written by Dilshan Pathiratne

ඉර හොයන් යමු | Ira Hoyan Yamu by Sanjeew Lonliyes ft. Timran

ඉර හොයන් යමු ඉර හොයන් යමු
හඳ නෙවෙයි ප්‍රශ්නේ
මට බයයි මං ගැන නෙවෙයි
දරුවො බඩගින්නේ

සිංහයෝ අපිටම කොටන්නද
කඩුව අරගත්තේ
චීන මකරුන් හිටන් ඉන්නව
උඹේ පිටිපස්සේ

අත දරුවො ඇකයේ හොවාගෙන
සටන් බිම පීරූ
පිරිමින්ට කිරි එරෙනවා
ඒ ගෑනු නම් ගෑනූ

සුවර්ගෙට යන ශෝට්කට් නෑ
සුරන් මල් ඉහපූ
කවර් කරගෙන සිටින ලෙන්දොර
සුවර් අපි බිඳිමූ

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life

කැමා ඇඳගෙන | Cama Andagena by Sanjeew Lonliyes [2022]

කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේ
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ

කාසිකොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි හාමතේ
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ

හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපි ටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනාවෙලේ