in Kanchana Anuradhi

මා වෙත එන්න | Ma Wetha Enna by Kanchana Anuradhi [2022]

මව්බිම රකින්නේ
ජවයේ බලයෙන්ය
යෝධ ජවය ලැබුනේ
දෙවි පිහිටෙන්ය
දහදුක් විදෙන්නේ
අප සැම වෙනුවෙන්ය
මා ජීවත් වුනේ
ලද පියසෙනෙහෙන්ය

මොලකැටි වදන්
ඔබේ සවට තෙපලන්න
මා හඩනා විට තුරුලට අරගන්න

ඔබ දන ගැසූවිට
අලියා පිට යන්න
මතකයි බලා උන් හැටි
මා නැලවෙන්න

තුරුලට වෙලා
පිය උනුහුම විදගන්න
පින් මදිවෙන්නැති
උකුලට වී ඉන්න

එල්ලී ඇගිල්ලේ
ඉස්කෝලෙට යන්න
මැව්වෙමි සිහින සගවා
කදුලැලි ගොන්න

තව තව ජවය ලැබ
සතුරන් මැඩලන්න
මව්බිම රැකගන්න
එහි කිසරිදු වන්න

මා තුරුලට අරන්
පිය උනුහුම දෙන්න
මගේ ලෝකයේ හිරු වී
මා වෙත එන්න
මගේ ලෝකයේ හිරු වී
මා වෙත එන්න

banner

Leave a Reply