කොල්ලනේ යං | Kollane Yan by Block & Dino ft. Dhanith Sri [2021]

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

කොල්ලනේ
ප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

ප්ලාස්ටික් ස්ටෝස් බිම දාන්නෙපා

පන්දු යවන්න පොලු ගැලවෙන්න
හෙට සිට යං ජය අරගන්න
පවතින්නැති ජය පැරදුම එකයි
කීවට

ඉඩක් නෑ දැන් නම් පරදින්න
මේ යං
ඉදිරියටම යං
ඒකාලේ වගේ ආයේ නම්බර් 1
වෙනකල් ඉගිලෙන්න

තටු නැතුවට අපේ කොල්ලොන්ට
බෝලෙයි බැට් එකයි ඇති මේ ලෝකේ ජයගන්න

හරි දනිත් ඇති
ප්ලාස්ටික් ගැන කතා කරමු අපි
යන යන තැන ප්ලාස්ටික් විසි කරන
ජරා ගති
කුනු බාල්දිය පෙනි පෙනි බිම දාන සක්කිලි

අම්මා ගහයි බැට් එකෙන්
මෙහෙම ගියොත් තොපි
කොල ඉදුල් ප්ලාස්ටික් එකට මික්ස් කරන කොට
ඒවා එකතු වෙන්නේ මේ මහ පොලවට

වතුරට ඇල දොල ගං මුහුදට
මෙහෙම ගියොත් ප්ලාස්ටික්මයි කන්න වෙන්නේ තොට

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

යෝගට් කාල හැදි කප් වෙරලට දාන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

කොන්ඩම්ස් හොදයි හැබැයි ඒවා
විසිකරන්න එපා

මුලු ලෝකෙත් එක්ක කරට කර
සිංහයෝ රග දෙනවා පිටිය මැද
2022 අද ජය කනුව ලග
සිංහ කොඩිය ගහනවා අනිවාර්‍යෙන්ම
මොකද
ශ්‍රී ලංකන් කොල්ලෝ හරිම වසයි
යකඩ බෝල 2 3 4 පලයි
එක පිට එක බැට කෑවත් ඊයේ ලමයි
අඩියෙන් අඩිය තියලා හරි නැගිටිනවා මයි

ආයුබෝවන් සියලුම
ක්‍රිකට් ෆෑන්ස් ලට
අපි ආදරෙයි ජෙන්ඩ්ල්මන්ස් ක්‍රීඩාව
අතීතයේ ප්‍රොඋඩ මතක් වෙනවා නේ තාමත්
ආයේත් තියමු එක අකුරක් නෑරම

ටීම් එක ඇති
ජර්සිය ගැන කතා කරමු අපි
රීසයිකල්ඩ් ප්ලාස්ටික් වලින් මහලා පට්ට ගති
බෝතල් 30000ක් පොලිඑස්ටර් කලා පටි

එහෙම තමයි ගැහුවේ ගේම
හිතට ගොඩක් හතී
වෙනස් වෙන්න ඕන කියලා
වෙනස වෙමූ අපි

මදර් නේචර්ට මල පැන්නොත්
කන්න වෙන්නේ ටොපි
ප්ලාස්ටික් ඇති
ටීම් එකට සප් එක දෙමු අපි
මෙන්න දුන්නා බැට් එක ගහපහං
දනිත් සිරි

ශ්‍රී නොට් සිරි
අම්මටසිරි සොරි

කොල්ලනේ යං
ඒකාලේ වගේ අයෙමත් නම්බර් 1 වෙනකන්
ප්ලාස්ටික් පාවිච්චි කරන්නේපා
වර්ල්ඩ් කප් එක දිනන්න
හැබයි ප්ලාස්ටික් පාවිච්චි කරන්නෙපා

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

වේදිකාවේ | Wedikawe by Dhanith Sri [2021]

වේදිකාවේ
මේ රාත්‍රියාමේ
ඔබගැන මතකේ අවදිකලා

පාලු යාමෙ
මදුමූ පෙරෙන්නේ
මම නැති ලෝකේ
තනිවුන මා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

වේදනාවේ
මා හා ගෙවෙන්නේ
දෙනෙතින් තෙමී
කදුලැල් සලා

මං මුලාවේ
තනිවී තැවෙන්නේ
නුඹ නැති හීනේ උරුම නිසා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

නිවාලන්න මා | Niwalanna Ma by Dhanith Sri [2021]

නිවාලන්න මා..
නිවාලන්න මා..

හිමිවීමක් නැති..
නිමාවක් නැති..
ජීවිතේ පුරා..
කාටවත් නැති..
ආලයෙන් බැඳී..
හීනයේ නුඹේ..
එක බැල්මක් ඇති..

නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..

මා ලය තුරා වැතිරී..
ඈ ගිමන්හරී..
හීනයක්ද මේ..
තාම දන්නැති..
මතකයෙන් ඇදී..
නුඹ හා ගෙවූ දිනේ..
එක මොහොතකුත් ඇති..

නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..

පාවී | Pawee by Dhanith Sri [2021]

පාවී
යන්න ආකාගේ වැදීලා
ලංවී ඉන්න මා හා
වෙලීලා ඈගේන් මිදීලා

මේ ගීතේ තාලේ
ඇය තැලු හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

නෑසී නුඹ ගිය දා මා දමා
අදුරේ කාසී නැතුවට මා ලග
දූවිලි සේමා පිසදමා

මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරේ
අහසක් තරම් බව
නේද කීවේ
ඒත් අම්මා නැතිව කොහොමද
හිතාගන්නේ

ආදරේ අහසේ
උදා වෙන බව
හදයි දන්නේ

දූගේ අම්මා තමයි හද මත
හිනා වෙන්නේ

හැන්ගි මුත්තම්
සෙල්ලමත් මට
එපා වේවී

එන්න අම්මේ
මාව අමතක වෙලාවේ
දූගේ අම්මා
හීනෙනුත් තුරුලුව හිදීවී
හෙටත් රහසින්
බලං ඉමු හාදුවක් දී

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරියේ | Adariye by Dhanith Sri [2020]

නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදිලා

මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොදුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගිය දා

නුඹ මගේම තමා
සිතුනා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

නුඹ මේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා

නොදොඩා ගිය දා
නෙත් අතරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැදෙනා
සිත මන්මත් කරනා
අගනා

නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමින්
සේයාවක් වත් නොදී
ඇගේ රී මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අදුන් ගල්වන්නියේ
මා හැගුම් රිදවන්නියේ
රූපයෙන් මා මන මත්වෙමී

රත්‍රියේ සදවන් මුවේ
නිල් නුවන් සිප ගන්නේමී
මේ සිහිනේ මං නවතිමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

ආලෝකවර්ෂ | Alokawarsha by Dhanith Sri [2020]

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා
මා හීනයේ නවතා

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්
ආලෝකවර්ෂ ගනන්

ජීවිතේ
ප්‍රාර්ථනා
අහසින් තියා
නුඹ ගියා
හිත් ආකහේ
නිල් තාරුකා
දෑතින් මගේ
විසිරුනා

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී

සඳගනාව | Sandaganawa by Dhanith Sri [2019]

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ..

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ, ජීවිත ගානෙ සංසාරේ…
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..