රෑ තනියෙන් | Re Thaniyen by Krishan Perera [2021]

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

කවුලු පියන් හැර අදරේ
ඔබ එනතුරු හිටියා
සීත සුලං පමණයි නේ
මට තුරුලුව හිටියා

සිහිනෙක පායා ඒ
සිත බැදි ආදරියේ
විදගමු මේ ආදරේ
මා ඔබේ

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

ඇයි දෝ | Ai Do by Krishan Perera [2020]

ඇයි දෝ කොයි ලෙසින් දෝ…
රැඳෙන්නේ ඔබ හා…
නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා …

සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…
සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…
ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ ලියලා…
අතැර ඒ ලොව මා පතන්නේ
ජීවිතය ඉල්ලා

සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…
සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…
ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ ලියලා…
අතැර ඒ ලොව මා පතන්නේ
ජීවිතය ඉල්ලා

ඇයි දෝ….

සැනසුමේ මා මෙතෙක් හෙව්වේ ජීවිතය විඳලා…
දුකක් දෙන්නේ සතුට වෙනුවට ආදරය යැදලා…
නිමක් නැහැ මේ රිදුම් දෙන්නේ පසුපසම සොයලා…
හෙටක් දෙන්නට ගිවිසුමක් දී
අද දිනක් නැතුවා…

සැනසුමේ මා මෙතෙක් හෙව්වේ ජීවිතය විඳලා…
දුකක් දෙන්නේ සතුට වෙනුවට ආදරය යැදලා…
නිමක් නැහැ මේ රිදුම් දෙන්නේ පසුපසම සොයලා…
හෙටක් දෙන්නට ගිවිසුමක් දී
අද දිනක් නැතුවා…

ඇයි දෝ…..

පැරදුනේ නෑ සිතක් රිදවා මෙතෙක් මා මතකේ…
දිනන්නට බෑ ඔබව පරදා සිතින් නම් මාගේ…
සුවය නැහැනේ පරාජිත නම් ආදරේ වින්ඳේ…
නිමක් වෙන්නට පටන් ගත්තේ
නෑ අපේ සෙනෙහේ…

පැරදුනේ නෑ සිතක් රිදවා මෙතෙක් මා මතකේ…
දිනන්නට බෑ ඔබව පරදා සිතින් නම් මාගේ…
සුවය නැහැනේ පරාජිත නම් ආදරේ වින්ඳේ…
නිමක් වෙන්නට පටන් ගත්තේ
නෑ අපේ සෙනෙහේ…

ඇයි දෝ….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඇය එන තුරා | Aya Ena Thura by Krishan Perera [2012]

සඳක් ඉඟි කර ගියා
හිතේ පෙම් කවි ලියා
මටත් එන්නට කියා
බල හිටියා එයා
දුරක් යන්නට සිතා
ගියත් මා ඇය සොයා
අතින් අල්ලන් එයා
මගක් වෙනකන් ගියා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..

සිතින් මම තනි වෙලා
නෙතින් කඳුලැලි සලා
හඬන්නට සිදු වෙලා
එයා එන මග බලා
සොයන් ආවත් එයා
පැතූ පැතුමන් දමා
දුරස් වේවිද කියා
හිතන්නට බෑ සදා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..

මායාවී ආ | Mayavee Aaa by Krishan Perera [2020]

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

දහසක් ම වේදනා – ලෝකේම චෝදනා
වින්දානේ රිදෙනා කතා
දෙතැනකම තනීවෙලා – සුසුමන් ම පා කලා
ලං වෙන්න මා කවදා කියා
කීවා එපා කියා – හදවත තලා පෙලා
බැන්දානේ පවුරම වටා
සොඳුරුතම චේතනා – ආදරේ වේදනා
ඉවසුවා ඔබ එයි කියා

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

හදවත පුරා පුපුරා හැලෙනා රටා
එලියයි සදා ලෝකේ ඔබ මා නිසා

කාලේ අපේ නිසා – ආවානේ බැමි දවා
පණ මාගේ හුස්මයි ඔයා
හෙට දිනේ එකවෙනා – මිහිරතම කල්පනා
පෙර භවේ ආ පුරුදු නිසා
සිහිනේ සැබෑ වෙලා – ඔබ දැන් මගේ තමා
පුදුමයි නේ ආ දුර මෙදා
මියුලැසියේ මා පතා – ආවානේ සෑමදා
ජයගත්‍තා ලෝකේ සදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here