in Uncategorized

මායාවී ආ | Mayavee Aaa by Krishan Perera [2020]

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

දහසක් ම වේදනා – ලෝකේම චෝදනා
වින්දානේ රිදෙනා කතා
දෙතැනකම තනීවෙලා – සුසුමන් ම පා කලා
ලං වෙන්න මා කවදා කියා
කීවා එපා කියා – හදවත තලා පෙලා
බැන්දානේ පවුරම වටා
සොඳුරුතම චේතනා – ආදරේ වේදනා
ඉවසුවා ඔබ එයි කියා

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

හදවත පුරා පුපුරා හැලෙනා රටා
එලියයි සදා ලෝකේ ඔබ මා නිසා

කාලේ අපේ නිසා – ආවානේ බැමි දවා
පණ මාගේ හුස්මයි ඔයා
හෙට දිනේ එකවෙනා – මිහිරතම කල්පනා
පෙර භවේ ආ පුරුදු නිසා
සිහිනේ සැබෑ වෙලා – ඔබ දැන් මගේ තමා
පුදුමයි නේ ආ දුර මෙදා
මියුලැසියේ මා පතා – ආවානේ සෑමදා
ජයගත්‍තා ලෝකේ සදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply