අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]

නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමා
මිහිරේ මේලා මව මවා
සුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශා
සිහිනේ මාගේ ඔබ තමා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

මනසේ පේනා කාගේ හෝ මතකේ චායා
සසරේ පාසා එන හඹා
නොබැදී ඈ හා යාවීදෝ අලුතෙන් චායා
ඔබගේ හීනේ සුව සොයා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

උම්මතු කරවන ඔය බැල්ම
වසඟ වෙලාදෝ මම ඔබෙ රුවට
ඉඟ සුග මිටිනට ගත හැක ඒත්
නවතින්නේම මම ඔබේ නෙත ළඟ
නිතරම දුරින් ඉදන් හොරෙන් බලන්නී
ලඟින් දැවටී දැවටී නැවතී යාවී පාවී
වෙනවද දවසක සහකාරී
ඇයි ඔය තරම්ම අහංකාරී

හිනයකිගේ
ආදරේ
කොමල් සඳේ
ඔබයි මාගේ

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

Written by Tharinda Kasun Jayawardena

lavan abhishek songs , lavan abhishek song lyrics , lavan abhishek age , lavan abhishek new song

නවතින්නෙ නෑ | Nawathinne Na by Various Artists

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

වැටෙන තැනදී
අත දෙන දෙවියා
එදා පටන් හැමතැන සිටියා

කරදර කරදර නොකර ගියා
පිහිටට ආ විට හැර නොගියා

මං කියන ගයන මේ ගී
සත්සර වයමුද අපි ආයේ
මහා රැල්ලක් වෙලා

සිනහ සෙන්න කදුලැල් පිසිනා
ලෙන්ගතු ඔය හිත
තනි රකිනා
හිතේ හයිය මොහොතින් ගෙනෙනා
ආදර වදනින් ගී ගයනා

යමු අත්වැල් බැද මේ
එක තාලේ
සංගීතේ යව්වන කාලේ
මහා රැල්ලක් වෙලා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

හැඩකාරි | Hadakari by Lavan Abhishek & Kamani Lasanthika

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

හැමදේම මගේ ලෝකේ
ඔය නමට ලිව්වේ
දැනුනාද නැහැ දන්නේ
ඔබ මාගේ ප්‍රානේ

හුරතල්ම දග මල්ල
කීකරුව හැදුනේ
ලද බොලද නැහැ කැකුල
රූ සුවද ඉතිරේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

මනමාල ඔය දෑස දැක ගන්න ආයේ
කවදාද හමුවන්නේ මුදු හාදු ඕනේ
හැමදාම ලග ඉන්න ආසයි හෙට දවසේ
එක වහල යට හීන එලිවෙන්න ඕනේ

හැන්දෑවේ හිරිපොද වැස්සෙන්
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරනේ

ලන්තෑරුම් එලියෙන් නිවෙනා
අදුරෙන් මැවුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාරුවේ

හැඩකාරී නුඹේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැනකෙලියේ
ගුලි වෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

තාම නුඹ හින්දා | Thama Numba Hinda by Lavan Abhishek

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

හීනෙන් පවා
මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා

රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

ආදරේ නාමයෙන් | Adare Namayen by Lavan Abhishek [2021]

ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

නුහුරුවට නැත පිරිමි හිත මැද
සිහින ඇත පිරිලා
පෙමක හුරු වුනු
හදක අසිරිය ලොවම
නැත දැකලා
ඔබ මගේ අද හුස්ම පොද ටික
නැතිව අද මැරිලා
තුරුලු කරගෙන ඇස් පියාගමි
සතුට එය සැමදා

කදුලු බර නැත
හිතට පුරුදුයි
දුකම ඇත විදලා
යකඩ කන්දක් දෙකට නොනැමී
සුලග දුර දැකලා
ජවය ලය ඇත
දිරිය මට ඇත
ජය ගමී සැමදා
සමන් සුවදයි කපා හැලුවත්
හැඩුවේ නැත කිසිදා

ආදරේ නාමයෙන්
ඉවසමී හැම වේදනා
එකම හයියයි නොවැටුනේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා

එක සැරයක් අමතන්න | Eka Sarayak Amathanna by Lavan Abhishek

එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

හමුවුනු තැන මම ඉන්නම්
දැක ගන්නට ඔබව
හමුවේවි කවදාහෝ
ආගිය මගක අප

හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

නපුරු වුනේ
රන්ඩු වුනේ
පමණට වැඩියෙන් ඇත්ත
හිත ඇත්තේ තිබ්බ සෙනේ
පිරිසිදු වැඩි කමට

හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්

එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි

තාමත් ආදරෙයි මං | Thamath Adarei Man by Lavan Abhishek [2020]

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

ආශා දහසක් (සංගීතේ Teledrama Song) | Asha Dahasak (Sangeethe Teledrama Song) by Lavan Abhishek ft. Anura Priyakalum, Nilupul Bandara & Sachini Ranwaka [2019]

ආ ආ ආ ආ ආ ආ ආ

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කඳුළු පුරවන් මොකෝ
සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසඟවා
තැවුල් කාටත් පොදුයි

සුසුම් හෙලලා සුළං වෙතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි

කඳුළු පිස දා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නේ මේ ලොවේ ජීවිතේ ජය මඟයි

සුසුම් මුසුවී තමයි සුළඟ හැදුනේ කියා
හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

වදන් ඔවදන්
කර පෙන්වා..ලු
අතීතෙ ලස්සන මතකද

හිතේ ඇති දේ කියා ගන්න දවසක් මදි
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි

විවර කරනා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකියි

දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කළේ

සිතුම් සිතුවම්
සේ ගලපා..ලු
මතකෙට ස්තුති සැමට

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ